කොට්ටාව - ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුත් අවුරුදු දා (14) පෙරවරු 7.00 සිට 15 වනදා පෙරවරු 7.00 දක්වා ලක්ෂ 50ක ආදායමක් උපයා තිබේ. එක් දිනකදී ලැබූ මේ වාර්තාගත ආදායම උපයා ඇත්තේ එදින වාහන 18500ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙනි.
අලුත් අවුරුදු දිනයේ විශාල මාර්ග තදබදයක් ඇති වූ බවට වාර්තා වී ඇති අතර බීමත්ව රිය පැදවීමෙන් වළකින ලෙස වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා අධිවේගී මාර්ගයේ ගමන් කරන ජනතාවගෙන් ඉල්ලා සිටී.උදා වූ නව වසරේ සාමය ස්ථාපිත වීම සනිටුහන් කරමින් මෙතරම් පිරිසක් අධිවේගී මාර්ගයේ ගමන් කිරීම වාර්තාවක් බවත් සංවර්ධනයේ ප්‍රතිඵල මෙරට ජනතාවට භුක්ති විඳීම රජය ලැබූ භාග්‍යයක් බවත් ඇමති නිර්මල කොතලාවල මහතා වැඩිදුරටත් කියා සිටී.