කීර්තිය, හදිසි ධන ලාභ ජයග්‍රහණ
හෙළි කරන කීර්ති රේඛාව
අත්ලක පිහිටන ප්‍රධාන රේඛා හයෙන් හතරක් පිළිබඳව මේ වන විට ඔබ දැනුවත් වෙලා ඇති. අද අපි විස්තර කරන්නේ අත්ලේ පිහිටි තවත් රේඛාවක් පිළිබඳවයි. එය කීර්ති රේඛාවයි. රවි ඇඟිල්ලේ (වෙදැඟිල්ල) මුලට විහිද යන රේඛාව නිසා මෙය රවි රේඛාව යනුවෙන් ද හඳුන්වනු ලබයි. සූර්ය රේඛාව නමින්ද හඳුන්වනුයේ මෙයයි.

රවි මණ්ඩලයෙන් අවසන් වන නිසාම කීර්ති රේඛාවෙන් බොහෝ විට ප්‍රකාශ වන්නේ රවි ග්‍රහයාට හිමි ගතිගුණමයි. කෙනකුගේ කීර්තිය, ප්‍රසිද්ධිය, සමාජයෙන් ලැබෙන ගරු බුහුමන් ආදිය කීර්ති රේඛාවෙන් පෙන්නුම් කරයි. කලා කෞශල්‍යය, ප්‍රතිභා ශක්තිය ඇතුළු පුද්ගලයා සතු උපන් දක්ෂතාවයන් ද මෙම රේඛාවෙන් සටහන් වෙයි. හදිසි ධනලාභ, ජයග්‍රහණ, ආකර්ෂණය ආදී ගුණාංගයන් ද මෙම රේඛාව තුළින් ප්‍රකට කෙරේ. මෙම රේඛාව හැම අතකම නොපිහිටියත්, තමන්ගේ වාසනාව උදාවන විට එම රේඛාව මතුවිය හැක. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව කියෑවෙන්නේ කීර්ති රේඛාව අත්ලක නොපිහිටියේ නම් ඔහුගේ දියුණුව සීමාසහිත වන බවයි.
උසස් ලෙස දියුණුවට පත් බොහෝ දෙනකුගේ අත්වල මෙම රේඛාව පැහැදිලිව පිහිටා ඇති බව දැක ගත හැකිය. දෛව රේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමට සුවිශේෂ බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව පරිද්දෙනි. මෙම රේඛාව කුමන ස්ථානයකින් ආරම්භ වුවත් අත්ල හිමියාට වඩා සුබඵල ගෙන දෙයි. කීර්ති රේඛාව දෛව රේඛාවෙන් ආරම්භ වුවහොත් අත්ල හිමියාගේ ජීවිතයේ උසස් දියුණුවක් බලාපොරොත්තු විය හැකිය. දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුව සිටි නිදහස, උසස් තනතුරකට මාරුවීම ව්‍යාපාරයේ දියුණුව ආදියත් හිටි හැටියේම පුද්ගලයා වාසනාවේ ඉහලටම නැඟීමත් පෙන්නුම් කරයි.
තවද එම අයගේ හැකියාවන්ගේ බලයත්, එමෙන්ම කාලයක සිට දැරූ උත්සාහයකට දෛව රේඛාවෙන් ලැබෙන ආධාරයක් මෙන් පෙන්නුම් කරයි. වාසනාව මතුවීමට අවුරුද්දකට දෙකකට කලින් මෙය පෙර නිමිත්තක් මෙන් අත්ලේ සටහන් වෙයි. දිනපතාම ප්රයත්නයන් එකතුවීමෙන් විශ්වාසය තැබිය හැකි සලකුණක් සේ ඒවා නිසි ඵල දරනු ඇත.

ස්ත්‍රියකගේ අතක කීර්ති රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් (A) ආරම්භ වුවහොත් පුරුෂ පක්ෂයෙන් ලැබෙන ආධාර උපකාර මත වාසනාව හා දියුණුව සැලසෙන බවත් පුරුෂයකුගේ කීර්ති රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වුවහොත් ස්ත්‍රී පක්ෂයෙන් ලැබෙන ආධාර උපකාර මත වාසනාව, දියුණුව සැලසෙන බවත් පෙන්නුම් කරයි. යමෙකුගේ ඉහළ කුජ මණ්ඩලය හෙවත් බුධ මණ්ඩලයත් චන්ද්‍ර මණ්ඩලයත් අතර ප්‍රදේශයෙන් කීර්ති රේඛාව ආරම්භ වුවහොත් හෙතෙම අතිශයින් ම නිර්භීත යුද උපක්‍රමයෙහි දක්ෂයෙක් වෙයි. කීර්තියත් ධනයත් නිරායාසයෙන් ම ඔවුන් කරා ගලා එයි. ආරක්ෂක අංශයේ ඉහල තනතුරු බොහෝ අයගේ අත්වල මෙම සලකුණ දැකිය හැක. අත්ලේ මැද කොටසින් හෙවත් කුජතලාවෙන් මෙම රේඛාව ආරම්භ වුවහොත් එම තත්ත්වය ලබා ගැනීමට දහසක් බාධකවලට මුහුණ දිය යුතුය.
චන්ද්‍ර මණ්ඩලයත්, සිකුරු මණ්ඩලයත් අතරින් මෙය ආරම්භ වී රවි මණ්ඩලයට යැම හොඳ පිහිටීමකි. අසහාය බුද්ධි බලයේත්, ධන බලයේත් සංකේතයක් වශයෙන් එය සැලකිය හැකිය. කීර්ති රේඛාව සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වී (B) රවි ඇඟිල්ල දෙසට විහිදී යැම ද මුදල් තත්ත්වය යහපත් වන බව හෙළි කරයි. ඒ අයුරින් ම පිහිටීම තමා තමාගේ සහකාරියට හෝ සහකාරයාට හැරෙන්නට තවත් අය ඇසුරු කරන බව පෙන්නුම් කරයි. එවැනි අයගේද උදව්වෙන් විවාහයෙන් පසු දියුණුව සැලසේ. ජීවන රේඛාවෙන් පටන් ගෙන රවි මණ්ඩලය දෙසට (D) ඇදෙන කීර්ති රේඛාව පෙන්නුම් කරන්නේ උත්සාහයෙන් ලබාගත් කීර්තිය හා ප්‍රසිද්ධියයි. ලෝක ශූරයන් වූ ක්‍රීඩකයන්, ජනප්‍රිය නළු නිළි ගායක ගායිකාවන් ද එම තත්ත්වය ලබාගෙන ඇත්තේ නොකඩවා කෙරුණු පුහුණුවත් තමන්ගේ උත්සාහයත් නිසා බව පැහැදිලි වෙයි.
මෙම ලකුණ ඇති අයෙක් සහජ දක්ෂතාවයක් ඇතිව ඉපිද අන්‍යයන්ගේ ආදරය දිනා උත්සාහවන්තව ක්‍රියා කිරීමෙන් නිසි ඵල දරා කීර්තිය ලබා ගනියි. සමහර අවස්ථාවල මෙම රේඛාව ශීර්ෂ රේඛාවෙන් ද ආරම්භ විය හැක. ඔවුන් උසස් විද්‍යාඥයන් හා දර්ශනවාදීහු වෙති. ඔවුන් ඉතා බුද්ධිමත් ය. ආරම්භ කළ ඕනෑම කාර්යයක් හොඳින් ඉටු කරයි. ඕනෑම ක්ෂේත්රයක් ගැන හසල දැනුමක් ඇත. ප්‍රසිද්ධිය හා ගෞරවය හිමි වේ. අවුරුදු විස්සත් විසිපහත් අතර කාලයේ සිට ඔවුන්ගේ දියුණුව ආරම්භ වෙයි. මෙම රේඛාව හෘදය රේඛාවෙන් පටන් ගැනීම (C) ඔවුන්ගේ ජීවිතයේ පූර්ණ දියුණුවක් පෙන්නුම් කරයි. මුල් කාලයේදී තරමක කරදර සහිත වුවත් තමාගේ උත්සාහයෙන් මැද වයසේදී උසස් දියුණුවකට පත් වේ. කීර්ති රේඛාව මැණික් කටුව සමීපයෙන් ම පටන් ගෙන සියලුම රේඛාවන් ඡේදනය කරමින් රවි ඇඟිල්ල දෙසට විහිද යැම වඩාත් සුබදායක වේ. ඔවුනට ධනය, ගෞරවය, කීර්තිය, යාන වාහන ආදී හැම දෙයකින් ම ලැබීම් හිමිය. ඔවුන් හොඳ සාර්ථක ව්‍යාපාරිකයෝ මෙන්ම හොඳ ලේඛකයෝ ද වෙති.
මෙම රේඛාව සමහර විටෙක අල්ල මැදින් ද ආරම්භ විය හැක. එය ලොතරැයි ආදියෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හදිසියේ ධන ලාභ ලැබීමට හේතුවකි. යම් රේඛාවක් අග තරුවක් සලකුණ තිබේ නම් ඉහළම කීර්තිමත් බව පෙන්නුම් කරයි. මෙසේ ගමන් කරන රේඛා හරස් රේඛාවලින් කැපී ඇති නම් කීර්තියට වන බාධක ප්‍රකට කරයි. සමහර විටෙක මෙම රේඛාව පටන් ගැනීමේදී මහතින් යුතුවද අවසානය මැකී යන ආකාරයෙන් යුතුනම් තිබුණ කීර්තිය ධනය හීන වී යන ආකාරයක් පෙන්නුම් කරයි. තද රේඛාවකින් අවසාන වීම එවැනි අයට රැකියාවේ හෝ ව්‍යාපාරයේ යම් යම් කරදර, බාධක තිබිය හැක. කතිරයකින් අවසාන වීම ඉරකින් අවසාන වීමටත් වඩා අසුබය. දූපතක සලකුණකින් අවසාන වීම කීර්තිය හා ධනය නැතිවීමට හේතුවකි. අවසානය ත්‍රිශූලයක සලකුණින් නම් කීර්තිය හා ධනය අඩු නොවේ. ත්‍රිශූලයේ අඬු තුන රවි, බුධ සහ ශනි මණ්ඩලයට යා හැක. විහිද යැමේදී ඒඬ අඬුවල සමාන ප්‍රමාණයට ඇතිනම් බලය, ධනය හා කීර්තිය හිමි වේ. ගුරු මණ්ඩලය දෙසට ගොස් අවසාන වේ නම් හොඳ නායකත්වයක් පෙන්නුම් කරයි. දේශපාලන ක්ෂේත්රයෙන් වඩා දියුණුවක් ලබයි.

හිඹුටානේ - පියතිලක ද අල්විස්
-සබැදි පුවත්-
1.ඔබේ අත ඔබම බලාගන්න 1 - Palm Reading
2.ඔබේ අත ඔබම බලාගන්න 2 - Palm Reading
3 .ඔබේ අත ඔබම බලාගන්න 3 - Palm Reading
4.ඔබේ අත ඔබම බලාගන්න 4 - Palm Reading
5. ඔබේ අත ඔබම බලාගන්න 5 - Palm Reading