Pages

පිටකොටුවේ ගැටකපන්නෝ 70 ක්‌ දැලේ

අවුරුදු සමය වෙනුවෙන් පිටකොටුව නගරයේ සිදුකළ මෙහෙයුම්වලදී ගැට කපන්නන් 70 දෙනකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි. මීට අමතරව රන්මාල කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් කීප දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුද්දට බඩු ගන්නට පිටකොටුවට පැමිණෙන මහජනතාවට ගැට කපන්නන් ගැන විමසිලිමත් වන ලෙස පිටකොටුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියන්ත දික්‌ඕවිට මහතා දන්වයි.

ගැට කපන්නන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමෙන් හා නිල ඇඳුමෙන් සැරසුණු පොලිස්‌ නිලධාරීන් 100 කට අධික පිරිසක්‌ පිටකොටුව ප්‍රදේශයේ යොදවා ඇත.බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. ඩී. එස්‌. ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.