අලුත් කාන්තා යට ඇඳුම |
ජනයාගෙන් පිරී ඉතිරී ගිය ඉන්දියාවට අපරාධ කරදරත් ඒ තරමට ය. මෑත කාලයේදී මුළු මහත් ලෝකයේම අවධානයට ලක්වුණු අපරාධයක් වී නම් එය සිදුවුණේත් අනෙක් තැනෙකනොව ඉන්දියාවේමය. දිල්ලි නගරයේදී කාමාතුරයන් සමූහයක් බස් රථයක් තළදී වෛද්‍ය ශිෂ්‍යාවකට ශාරීරික තාඩන පීඩන කිරීම ඒ සිද්ධියයි. මිනිස් වෙස්ගත් නොමිනිසුන් කළ කායික පීඩා පසුකර ගෙන ඇගේ ජීවිතයට ගලා යන්නට තවත් ඉඩක් තිබුණේ නැත. කුණු කන්දල් පොදි බැඳගෙන සීමාවක් ඉසව්වක් නැතිව ගලන මහා ප්‍රවාහයට ඉඩ දී ඈ නතර වූවාය. ඒ නැවතුම මිනිසුන් වූ අපට හිතන්නට ඉතිරි කළ බොහෝ දේ දැන් විවිධ ස්වරූපවලින් කල එළි බසිමින් තිබේ. එවැනි එක් ස්වරූපයක් එළදුටුවේ කාන්තා යට ඇඳුමක් ලෙසිනි.
මේ ඇඳුම ස්ත්‍රී දූෂකයන්ට වැට බඳින්නට සමත් වූවකි. එකී යට ඇඳුමෙන් සැරසුණ කාන්තාවකට අතවරයක් කරන්නට කිසිවකු සැරසුනහොත් ඔහුට කිලෝවෝල්ට් 3800 ක විද්‍යුත් කම්පනයකට මුහුණදෙන්නට සිදුවෙයි. ඒ මදිවාට යට ඇඳුමෙන්ම ස්වයංක්‍රීයව පොලිසියේ හදිසි ඇමතුම් අංශයටත්, ඇගේ අයිතිකරුවන්ටත් පණිවුඩ මුදාහැරෙන්නට පටන් ගැනේ.
මේ ඇඳුම ස්ත්‍රී දූෂකයන්ට වැට බඳින්නට සමත් වූවකි. එකී යට ඇඳුමෙන් සැරසුණ කාන්තාවකට අතවරයක් කරන්නට කිසිවකු සැරසුනහොත් ඔහුට කිලෝවෝල්ට් 3800 ක විද්‍යුත් කම්පනයකට මුහුණදෙන්නට සිදුවෙයි. ඒ මදිවාට යට ඇඳුමෙන්ම ස්වයංක්‍රීයව පොලිසියේ හදිසි ඇමතුම් අංශයටත්, ඇගේ අයිතිකරුවන්ටත් පණිවුඩ මුදාහැරෙන්නට පටන් ගැනේ.
ජී. පී. එස්. තාක්ෂණය (GPS) එයට ඇතුළත් නිසා අපරාධය සිදුවන තැන සොයා ගන්නට අමාරුවක් නැත. එවිට පොලිස් නිලධාරීන්ට එහි ළඟාවන්නට පුළුවන. කාන්තාවගේ අයිතිකරුවන්ටත් ඈ සිටින තැනට පැමිණෙන්නට හැකිය. මේ තරම් වැදගත් වැඩ රැසකට මුලපිරෙන්නේ ඇඳුම තෙරපුම්වලට සංවේදී නිසයි.
තෙරපුම්වලට සංවේදී විද්‍යුත් උපාංග සවිකර තිබෙන්නේ ඇඳුමෙහි කාන්තාවගේ පියයුරුවලට ස්පර්ශ වන කොටස්වලයි. ඇඳුම තෙරපුම්වලට සංවේදී වුවත් එය ආවාට ගියාට ඇතිවන බලයක් නිසා අනවශ්‍ය කරදර ඇතිකරන්නේ නැත. නුවුවමනා බලයක් හඳුනාගන්නටත් ප්‍රබල තෙරපුම් ගැන ක්‍රියාත්මක වන්නටත් පුළුවන් ආකාරයේ යාන්ත්‍රණයක් ඒ තුළ තිබේ.
මේ නිසා හදිසියකදී එයට විද්‍යුත් කම්පන 82 ක් ඇතිකරන්නට පුළුවන. එපමණ කම්පන සංඛ්‍යාවකට මැදිවන විට කාන්තාවගේ ඇඟට අත තබන අපරාධකරුවකුට කඳ කෙළින් තබාගෙන තවත් ඉන්නට බැරිය. ඔහු අකර්මන්‍ය තත්ත්වයකට පත්වේ.
කාන්තා යට ඇඳුමේ විද්‍යුත් පරිපථ |
විද්‍යුත් පරිපථ සහ ක්‍රියාකාරී මෙවලම් සියල්ලක්ම ඇඳුමේ කාන්තාවගේ පියයුරු ප්‍රදේශය සමඟ ස්පර්ශ වන ස්ථානවලට සම්බන්ධ කර තිබෙන්නේ විශේෂ හේතුවක් ඇතිවයි. ස්ත්‍රී දූෂණවලදී මුලින්ම කාන්තාවගේ සිරුරේ ලය ප්‍රදේශවලට බලපෑමක් එල්ල කෙරෙන බව පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.
එය සැලකිල්ලට ගෙන ජී. පී. එස්, ජී.එස්.එම් තාක්ෂණ සහ විද්‍යුත් පරිපථ ඇඳුමට එකතු කරන්නට එහි නිර්මාණකරුවෝ උත්සාහ ගත්හ. ඇඳුම නිර්මාණය කර තිබෙන්නේ චෙන්නායි හි එස්. ආර්. එම්. විශ්වවිද්‍යාලයේ (SRM University) ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් දෙදෙනකු සහ ශිෂ්‍යයෙකි.
“මම මෝස්තර තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනයේ ඉගෙනුම ලබන මගේ මිතුරකුගෙන් මේ නිර්මාණයට සරිලන රෙදි වර්ගය ගැන උපදෙස් ගත්තා. මෙහිදී යොදාගන්න රෙදි වර්ගය ඉතාම වැදගත්. සෝදන්න පුළුවන් රෙදි වර්ගයක් යොදාගන්න ඕන. අපි මෙහිදී පාවිච්චි කළේ එදිනෙදා ජීවිතයේදී භාවිත වන තාක්ෂණ ක්‍රම. මේ තාක්ෂණ ක්‍රම භාවිතයෙන් අපේ සමාජයට බලපා තිබෙන බොහොම වැදගත් ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා” යැයි කියා කියන්නේ නිර්මාණයට මූලිකත්වය ගත් මනීෂා මොහාන් ශිෂ්‍යාවයි. නව නිපැයුමට ඈ සමඟ එකතු වුණේ නිලේද්‍රි බාසු ශිෂ්‍යයාත් රිම්පි ත්‍රීපති ශිෂ්‍යාවත්ය.
තරුණ නිර්මාණකරුවන්ට පිදෙන ගාන්ධි යෞවන තාක්ෂණ නිර්මාණ සම්මානයෙන් ඇගයීමට ලක්වුණු මේ නිර්මාණය නම්කර තිබෙන්නේ SHE (ෂී) ලෙසයි. SHE යන අක්‍ෂර බිඳී ඇත්තේ Society Harnessing Equipment යන වදන්වලිනි. මේ මස අවසානයේදී ම වෙළෙඳ පොළට හඳුන්වාදීමට නිර්මාණකරුවන් බලාපොරොත්තුව සිටින නිසා ළඟ ළඟම එළඹෙන දවසකදී එය මිලදී ගැනීමට හැකිවනු ඇත.
සියරට කාන්තාවන් පමණක් නොව ඉන්දියාවට යන එන සෙසු රටවල කාන්තාවන් රැකගන්නත් දැන් ඉන්දියාවට බැරි වී තිබේ. ස්විස් ජාතික කාන්තාවක් මධ්‍යම ඉන්දියාවේ වනගත පෙදෙසකදී සමූහ දූෂණයකට ලක්වූවාය. ඈ ඒ වන විට සිටියේ සැමියා සමඟ වනයෙහි සිරි විඳිමිනි. අග්‍රා හී පිහිටි හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ලිංගික අතවර කරන්නට සැරසුණේ ද ඉන්දියානුවන් පිරිසකි.
කරදරවලින් බේරෙන්නට ඈ මහල් කිහිපයකින් සැදුණු හෝටලයේ කවුළුවකින් බිමට පැන්නාය. මේ තත්ත්වය යටතේ ඉන්දියාවේ සංචාරය කිරීම ගැහැනුන්ට අනතුරුදායක බව පෙනෙන්නට තිබේ. පසුගිය මාස කිහිපය තුළ විදේශීය කාන්තාවන්ට සිදුවුණු මේ අතවර නිසා එරටට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව 25% කින් පහළ වැටුණේ හිටි අඩියේම වාගේය.
ඉන්දියාවට පැමිණෙන කාන්තාවන් ප්‍රමාණයත් 35% කින් පහළට වැටී ඇත. මේ කාරණා දිහා බලද්දී ඉන්දීය පිරිමින්ගෙන් සදාචාරයක් නැති හැසිරීම එරට ආර්ථිකයටත් මරු පහරක් වෙමින් පවතී. මිනිස්කම නීතිරීතිවලට යටත් කරවත් රැකගන්නට බැරි නම් තාක්ෂණය දියුණු කාලයේ එයවත් යොදාගෙන නොමිනිස්කම පරාජය කරන්නට ඉන්දියාවට සිදුවේ.
ඇසුරිනි මංජුලා විජයරත්න