අශෝක හදගම මහ බැංකුවේ වෘත්තිකයෙක් මෙන්ම අපූරූ සිනමා කරුවෙක්ද වේ.මේ ඔහු රාවය පුවත්පත සමග කල සාකච්ඡාවකි.
සූරියකන්දේ ඇටසැකිළි තරම් මාතලේ ඇටසැකිළි දැනෙන්නේ නෑ.ඒ ඇයි?
මම හිතන්නේ මෙහෙමයි.ජීවිතයට වටිනාකමක් නැති කාලයක මරණයට කොහෙත්ම වටිනාකමක් තියෙන්නේ නෑනේ.ජීවිතයට වටිනාකමක් තිබුණ කාලයක තමයි එදා ඇට සැකිළිවලට වටිනා කමක් තිබුණේ.අද හැමදේම සැහැල්ලු වෙලා.ඒ නිසා මාතලෙන් හමු වූ ඇටසැකිළි අපව කම්පනය කරන්නේ නෑ.
අවුරුදු 30ක් තිස්සේ යම් දෙයකින් අපි බැටකාපු මිනිස්සු.එහෙම කියලා ඒ මතකය පිළිබද ගදහරි සුවද හරි යන්නට මත්තෙන් අපි එහෙම තව දෙයක් පිළිබද ඉල්ලා සිටින තැනට පත්වෙලා.එහෙම සමාජයක ඇටසැකිලි හමුවීම දැනෙන්නේ නෑ.කම්පනයක් ඇති කරන්නේ නෑ.
ඉන්දියාව ලංකාවට එරෙහිව පවත්වන විරෝධය ඇත්තක්ද?
මට අනුව ඉන්දීය විරෝධය බොරුවක්.ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කැක්කුමක් ඇතිව කරන වැඩ විදියට ඒ කිසි දෙයක් මම දකින්නේ නෑ.ඒ සියල්ල බොරු සංදර්ශන විතරයි.ඇත්තට මැදිහත් විය යුතු කාලයේ මැදිහත් නොවි ඒ මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මුකුත් නොකර දැන්කරන ඒවායෙන් මෙරට දෙමළ ජනයාට වන සහනයක් නැහැ.
ආර්ථික ඝාතකයා කියන්නේ කාටද?
ආර්ථික ඝාතකයා කියන සංකල්පයම වැරදි විදියට තමයි අපි පාවිච්චි කරන්නේ.ආර්ථික ඝාතකයා කියන සංකල්පය එක් පුද්ගලයෙකුට එහෙමත් නැත්තම් කිසියම් කණ්ඩායමකට විරුද්ධව අතිවෙච්ච වචනයක් යෙදුමක් නෙමේ.ප්‍රතිපත්තිමය හේතු නිසා පැන නැගුණු අරුතක්.ඒ අතුරින් ගත්තහම වත්මනෙහි පවතින මුස්ලිම් අර්බුදය ආර්ථික ඝාතකයක්.මුස්ලිම් ජනතාවට අනාදිමත් කාලයක ඉදලා වෙළදාම් කටයුතු වල නියලුන අය.ඒ අතරේ සිංහල දෙමළ අයට පැවරුණේ නිෂ්පාදනය.දැන් මොකද වෙලා තියෙන්නේ අපිට අර කෑල්ලත් ගන්න ඕන වෙනවා.වෙළදපොල අකාර්යක්ෂම වෙනවා.
තවමත් ලංකාවේ මිනිස්සු ලිංගිකත්වය කියන කරුණ තුළ කුහකයි නේද?
ඔව්.ලිංගිකත්වය කියන විෂය ඇතුළේ ලංකාවේ බොහොමයක් කුහකයෝ.අපි ආසයි ඒත් බලහත්කාරයෙන් කියව ගන්නවා අපි එහෙම නෑ කියලා.සමාජයක් විදියට ගත්තමත් ඕක එහෙම්මයි.අද නිවුස් වෙබ් සයිඩ්,පුවත්පත් ගත්තත් ඒ අයගේ වෙළද ඉලක්කය ලිංගිකත්වය.
සිංහලයා වැඩි කිරිමට ළමයි ප්‍රමාණය වැඩි කිරිම උත්තරයක්ද?
ඕක විද්‍යාත්මක ප්‍රකාශයක්.නිකමට හිතන්න ලංකාවේ තැන්තැන්වල කොච්චර ළමයි දාලා යනවද?ඒ ළමයි උසාවියට ගිහිල්ලා හරි තීන්දුවක් අරගෙන කොහාටද යන්නේ.ඒ අයට නිසි විදියට රැකගන්න රටක් විදියට අපිට පුළුවන්ද?නිකන් කටට ආවට දේවල් කියන්න පුළුවන්ද?ඒවා ඕනෙනම් කරන්නත් පුළුවන්.හැබැයි ගිහි ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් මෙවැනි කතා කියන්නේ නෑ.
කටුගෙට ගුල්ලෝ ගැහීම ප්‍රශ්නයක් නේද?
ප්‍රහසනාත්මක ප්‍රශ්නයක්.මම අක්ෂරය චිත්‍රපට තුළ ගෙනාවේ කටුගෙයි විනාශයයි.ඒ තුළ විශාල කතන්දරයක් තියෙනවා.ඒත් ඒක මේ සමාජයට දරාගන්න බැරි වුණා.හැබැයි අද ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ දේමයි.රටක සංස්කෘතිය හරි ඉතිහාසය හරි පවතින්නනම් ඒවා බැදෙන්න ඕනේ.එතකොටනේ ඒ තුළ පැවැත්මක් තියෙන්නේ.අද කටුගෙය හරහා දිරාපත් වන්නේ,ගුල්ලෝ ගහන්නේ මොකටද?අද කටුගෙය ගුල්ලෝ ගහලා මේක ලොකු කියවීමක්.
අද ජනයාට මේ කිසිවක් වැඩක් නැහැ නේද?
ඇත්ත ගැටළු වෙනුවට ඇත්තට මුහුණ දෙනවා වෙනුවට අපි හිතනවා ෆැන්ටසිය තුළ ඒවා සේරම විසදෙයි කියලා.ජාති ආගම් භේදවලට එකතු වනවා මිසක් සමාජීය හැසීරීමක් අද ජනයාට නැහැ.එහෙම සමාජීය හැසිරිමට අවශ්‍ය එකමුතුවක් අද නැහැ.