න්‍යෂ්ටික ප්‍රහාර කථා සෙල්ලම් නොවෙයි - Ban Ki-moon

උතුරු කොරියාව ඉක්මන් තීරණයක් කරා ළඟා විය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසයි.බැන් කී මූන් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ, උතුරු කොරියාව ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට අනුමත කර තිබෙන පසුබිමක් තුළ ය.

ඇමරිකාවට පහරදීමේ යෝජනාව උතුරු කොරියාව අනුමත කර ගනු ලැබීම කිසිදු වැදගත්කමකින් තොර සිද්ධියක් බව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ය.ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ, උතුරු කොරියාව විසින් ප්‍රහාරක පරාසයක් සහිත නැගෙනහිර වෙරළ තීරයට රැගෙන ගිය බවට දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පවසා පැය කිහිපයකට පසුවය.
එම මිසලියල ඇමරිකානු කඳවුරු ඉලක්ක කරා ස්ථානගත කර ඇති බවට ද ඔහු එහිදී පවසා ඇත.න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කිරීම සෙල්ලමක් නොවන බව පෙන්වා දුන් ජගත් මහලේකම්වරයා පැවසූවේ, එය ඉතා භායානක තත්ත්වයක් බවය.උතුරු කොරියාව දකුණු කොරියාව සහ ඊට අදාළ පාර්ශවයන් මේ ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සාකච්ඡා මාර්ගයකට පිවිසිය යුතු බව ද බැන්කී මූන් පවසයි.


මේ අතර උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ගුවාම්හි අධි තාක්ෂණික මිසයිල ආරක්ෂණ පද්ධතියක් පිහිටුවීමට ද ඇමරිකාව තීරණය කළේ ය.ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඉදිරි සති කිහිපයේදී ගුවාම්හි ස්ථාපනය කෙරෙනු ඇති.

ඇමරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන බවට උතුරු කොරියාව මිට පෙර ද අනතුරු ඇඟවීමක් කර තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාව සතු මිසයිලවලට න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යා නොහැකි බව සැලකෙයි.

Gossip Lanka Hot News Previous News Archive