අටපිරිකර රැගෙන පන්සලට එන දේශපාලනඥයින්ගේ අටපිරිකර වෙනුවට පාර්ලිමේන්තුවේදී කළ කතා ඇතුළත් හැන්සාඩ් වාර්තා ගෙන එන ලෙස පවසා රට ජාතිය වෙනුවෙන් හඬනගා නොමැති දේශපාලනඥයින් පන්සලෙන් එළවා දැමිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ලෝකයේ ලොකුම පිළිම නෙළීමට මුදල් වැය කරනවාට වඩා සම්බුද්ධ ශාසනය රැක ගැනීමට මිනිසුන් තැනීම අරමුණු කර ගනිමින් නැති බැරි අය නගා සිටුවීමටත්, දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමටත්, මූලිකත්වය දිය යුතු බව ද ඥානසාර හිමියේ කීහ. සියල්ල අනිත්‍යයි කියා බණ කියමින් සමාජයට අනිත්‍ය මෙනෙහි කිරීම වෙනුවට මල් පොහොට්ටු පුබුදුවන්නාක් විලසින් ජාතිය පිබුදුවන ආකාරයේ බණ කලාවක් රටට අවශ්‍ය වී ඇතැයි ද හිමියෝ පැවසූහ.
ශ්‍රී ලංකාවේ සිංහල හා මුස්ලිම් ජනතාව අතරේ ඝට්ටනයක් තිබෙන බව ලෝකයට පෙන්වීමට අවශ්‍ය වී තිබෙන මුස්ලිම් අන්තවාදී හොර තක්කඩීන්ගේ එක් නාඩගමක් පසුගිය දා පැපිලියානේදී දැක ගන්නට ලැබුණු බව ද උන් වහන්සේ කීය.
සිංහල රූපවාහිනී නාලිකාවලින් තරගයට සුපර් ස්ටාර්ස්ලා බිහිකරන මාධ්‍ය නාඩගම දෙස ජනතාව බලා සිටින අතරේ ඊට යටින් පැතිරයන මුස්ලිම් වහාබිවාදය රට වෙළා ගැනීමට පෙර තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඥානසාර හිමියෝ පැවසුවේ ඊයේ (31) කැලණියේ බොල්ලෑගල දී පැවැති බොදු බල සේනා සමුළුව අමතමිණි.