Pages

සා.පෙළ උඩින්ම ගොඩගිය අයට ජනාධිපතිගෙන් ලැප්ටොප් - Best results of O/L 2012

සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර වැඩිම ලකූණු ලාභින්ගේ ලයිස්තුව අද පස්වරුවේ ප‍්‍රසිද්ධ කෙරුණා. ඒ අනුව, ප‍්‍රථම ස්ථානය හිමිව තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ ජේ ඒ දසුන් ඕෂධ ජයසිංහට සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ජී ඒ මධුෂානි චතුරිකා කුලතුංගටයි. තුන්වන ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේම කේ අයෝධ්‍යා ගයත‍්‍රි ද අල්විස් ශිෂ්‍යාවටත් 04 වන ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ ආර් ඒ අමා මදෂ්මිකා රණවක ශිෂ්‍යාවටත් හිමිව තිබෙනවා ඇය ඇමති පාඨලී චම්පික රණවකගේ දියණියයි. 05 වන ස්ථානය හිමිව තිබෙන්නේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ කේ සහන් ලක්ෂිත විජේවන්ත ශිෂ්‍යාටයි. 

මේ අතර වැඩිම ලකුණු ලාභීන් 10 දෙනා අද පස්වරුවේ ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයක් බැගින් ත්‍යාග ලෙස පිරිනැමූ බවයි ජනාධිපති ප‍්‍රකාශක මොහාන් සමරනායක මහතා කියා සිටියේ. මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග‍්‍රහයෙන් මුදල් ත්‍යාගද පිරිනැමුණා.


1- ජේ.ඒ. දසුන් ඕෂද ජයසිංහ - රාජකීය විද්‍යාලය, කොළඹ 07
1- පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග - සංඝ මිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල
3-කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් - සංඝ මිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල
4- ආර්.ඒ.අමා මදස්මිතා රණවක - විශාකා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 05

5-කේ. සහන් ලක්ෂිත විජේවන්ත - ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, රත්නපුර
6- කේ.පී.ජී. තෙපුලි උමේෂා කරුණාවල්ලබ - රත්නාවලී බාලිකා මහා විද්‍යාලය ,ගම්පහ
7- සදුනි ඉරංගා දික්පිටිය විතානගේ - දේවි බාලිකා මහා විද්‍යාලය කොළඹ 08
7- ආර්.එම් දුල්මිණි වත්සලා රත්නායක -රත්නාවලී බාලිකා මහා විද්‍යාලය , ගම්පහ
7- ඩබ්. ලහිරු රන්දුල කුලරත්න- ට්‍රිට්නි විද්‍යාලය මහනුවර
10- පී. මෙලෝනි නිමාෂා ද අල්මේදා - විශාඛා බාලිකා මහා විද්‍යාලය කොළඹ 05
10-ඩබ්.ඒ.කේ පිපුනි තරුෂිකා - සුජාතා විද්‍යාලය මාතර