සැමන් ටින් එක තුළ පණුවෝ

සැමන් ටින් එකක් තුළ මියගිය පණුවන් සිටීම පිළිබඳ විශේෂ පරීක්ෂණයක් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් ආරම්භ කොට ඇත.දියතලාව රෝහලේ සේවකයකු විසින් දියතලාව පහලකඳුරුගමුව ප්‍රදේශයේ වෙළෙඳසලකින් මිලදී ගෙන ඇති සැමන් ටින් එකක් ආහාරයට ගැනීම සඳහා සිය නිවෙසේදී විවෘත කළ අවස්ථාවේදී මියගිය පණුවකු සිටිනු දැක ඒ පිළිබඳ දියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී ඇත.

ඒ අනුව දියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත සුබසිංහ මහතා විසින් එය පරීක්ෂා කිරීමේදී මියගිය පණුවන් අටදෙනකු සොයාගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත භාරදී තිබේ. එම පරීක්ෂණ අවසන් වීමෙන් පසු කල් ඉකුත් වී නොමැති මෙම සැමන් නිෂ්පාදනය කර ඇති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට ක්‍රියාකරන බව වෛද්‍ය පාලිත සුබසිංහ මහතා පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive