කන්න නැතත් " හායි බායි " : ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලෙවි වාර්තාවක්

පසුගිය වසරේ ඔක්තෝම්බර්-දෙසැම්බර් අතර අවසන් කාර්තුවේදී පමණක් ශ්‍රී ලංකාවේ මහජනයා ජංගම දුරකථන 5,70,000 (පන් ලක්ෂ හැත්තෑ දහසක්) මිලදී ගෙන ඇතැයි සයිබර් මීඩියා රිසර්ච් ආයතනය විසින් අද නිකුත් කර ඇති වාර්තාවක දැක්වේ. මෙය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන අලෙවිය සම්බන්ධයෙන් තැබූ වාර්තාවක් වන අතර මීට ඉහත මෙතරම් විශාල සංඛ්‍යාවක් මාස 3 ක් තුල අලෙවි කර නැත. මෙය දළ වශයෙන් වසරකදී මිලියන 2.3 ක් පමණ වනු ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 20 කි.

මේ කාලය තුලදී ජංගම දුරකථන 27,50,000 ක් (විසිහත් ලක්ෂ පනස් දහසක්) ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම සංඛ්‍යාව නීත්‍යාණුකූලව රට තුලට ආ ජංගම දුරකථන සංඛ්‍යාව වන අතර නීති විරෝධී අන්දමින් ගෙන ආ සංඛ්‍යාවද ඇතුලත් වූ කළ මෙම සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහල යනු ඇත.
මාස 3 තුලදී මිලදී ගත් පන් ලක්ෂ හැත්තෑ දහසෙන් වැඩියෙන්ම මිලදී ගෙන ඇත්තේ නොකියා වර්ගයේ දුරකථන වන අතර දෙවැනි තැන ගෙන ඇත්තේ සැම්සුන් දුරකථනයන්ය. මයික්‍රෝමැක්ස් දුරකථන තුන්වෙනි තැනට අලෙවි වී ඇත.
මහජනයා මිලදී ගෙන ඇති ජංගම දුරකථන පන් ලක්ෂ හැත්තෑ දහසින් 50,000 ක්ම ස්මාට් ෆෝන් වේ. ස්මාට් ෆෝන් අලෙවියෙන් පළමු තැන ගෙන ඇත්තේ සැම්සුන් වර්ගය වන අතර සෝනි සහ හුවේයි වර්ගයේ ස්මාට් ෆෝන් පිලිවෙලින් දෙවැනි සහ තුන් වෙනි ස්ථාන ලබාගෙන තිබේ.ස්මා්ට් ෆෝන් අලෙවිය ඉහල යෑමත් සමග ජංගම දුරකථන ඇප්ලිකේෂන් දේශීයව නිපැදවීමේ ඉහල යෑමක් ද දක්නට තිඛෙන බව එම වාර්තාව පවසයි.

Gossip Lanka Hot News Previous News Archive