‘කාන්තාවකගේ ලස්සන වැඩි කරගන්න රූපලාවණ්‍යය අවශ්‍යමයි. කොළඹ හතේ ධනපති පන්තියට පමණක් සීමා වී තිබූ ලස්සනට අඳින එක, ලිප්ස්ටික් ගාන එක, මේකප් කරන එක, දැන් ගමට ඇවිල්ලා. දැන් ගම්බද ප්‍රදේශවල මෙය ව්‍යාපාරයක් බවට පත්වී විශාල වශයෙන් ආදායම් උපදවන මාර්ගයක් වෙලා. නිවෙස ලස්සන කරන කාන්තාව ගම ම ලස්සන කරනවා.රටත් ලස්සන කරනවා. පිරිමින්ට ඒක කරන්න බැහැ’ යැයි බෙන්තර ඇල්පිටිය ශ්‍රී.ල.නි.ප සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවා ය.
දකුණු පළාත් රූපලාවණ්‍යවේදීන්ගේ සංගමය සහ ගෝල් ප්රොපෂනල් අයි ඡයාරූප සංගමය එක්ව ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වූ අවුරුදු උත්සවය අමතමින් කුමාරසිංහ මහත්මිය මේ බව කීවා ය. කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවැසුවා ය.
දකුණු පළාත් රූපලාවණ්‍යවේදීන්ගේ සංගමය සහ ගෝල් ප්රොපෂනල් අයි ඡයාරූප සංගමය එක්ව ගාල්ල පාපන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වූ අවුරුදු උත්සවය අමතමින් කුමාරසිංහ මහත්මිය මේ බව කීවා ය. කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවැසුවා ය.
‘ලිප්ස්ටික් ගෑම මේකප් කිරීම එපා යැයි පඟරනැට්ටෝ කීවත් අනාදිමත් කාලයක පටන් සීගිරි ලලනාවන්ගේ සිට මේ දක්වා කාන්තාවන් රූපලාවන්‍යයෙන් ගත ලස්සන කරගෙන තිබෙනවා.
මේකප් කරන්නේ නැතැයි කියන අය හොරෙන් මේකප් කර ගන්නවා.
මම තමයි ප්‍රංශයේ එංගලන්තයේ රූපලාවණ්‍ය පාඨමාලා හදාරා රූපලාවණ්‍යය පටන්ගත් එක ම සිනමා නිළිය’
ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී 'පඟරනැට්ටන්' ලෙස හැදින්වුයේ කවුරුන්දැයි පැහැදිලි නොවුනද, ඇය සිය ආසනයේ ක්‍රියාකාරීන් සමග බරපතල ගැටුමක් ඇතිකරගෙන සිටින බැවින් එය ඔවුන්ව ඉලක්කකර ගනිමින් කිවූ ඇනුම් පදයක් විය හැකි යයි එම රැස්වීමේ සිටි පුද්ගලයින් පසුව කතාබහ කළේය.