චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ තිස් නව හැවිරිදි අවිවාහකයෙක් හෙළුවැලි චිත්‍රපටයක දර්ශන කොපි කරද්දී ආඳකු ගිලීමෙන් අලි ඇබැද්දියකට මුහුණ පෑවේය.අඩක් ගිළුණු ආඳා පිටට ගැනීමට උත්සාහ කළත් ආඳා බඩ ඇතුළටම ගියේය.
වහාම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුනට පැවසුවේ ‘ආඳා බඩේ දඟලනවා, මට ඉක්මනින් උදව් කරන්න‘ යනුවෙනි.ආඳා බඩේ සිටින බව එක්ස්රේ වලින් පෙනේ. අඟල් විස්සක් දිගැති කිලෝ භාගයත් බරැදි ආඳා ගැනීමට වෛද්‍යවරු පැය ගණනක් සටන් කළහ.
‘බඩ ඇතුළේ සිටි ආඳා එළියට යෑමට උත්සාහ කළ බව පෙනුනා. ආඳාගේ දත් ඉතා තියුණු නිසා මිනිසාගේ බඩවැල් හපා කෑවේ නම් තත්ත්වය බරපතල විය හැකි‘ බවත් වෛද්‍යවරු කීහ.පොලීසිය පැවසුවේ ‘සිදුවූ දේ අපි දන්නවා. සත්ත්ව හින්සාව යටතේ ඔහුට විරුද්ධව නඩු දානවා‘.