Pages

මාතලේ සමූහ මිනීවල ගැන කියන්න සාක්ෂිකාරයෝ ගොඩයි

මාතලේ සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.මේ වන විට මාතලේ සමූහ මිනීවලෙන් හිස්කබල් සහිත අස්ථි කොටස් 154 ක් සොයාගෙන තිබේ.

එමෙන්ම හිස්කබල් රහිතව අස්ථි කොටස් 12 ක් සොයාගෙන ඇති බව සඳහන්ය.මේ වන විට මෙහි කැණීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.මෙම මිනීවල සම්බන්ධයෙන් මේ වන විට විවිධ මත පළවී ඇති අතර මෙය දේශපාලන ගැටුමක් බවට ද පත්ව තිබේ.ඒ අනුව දැනට මෙම මිනීවල සම්බන්ධයෙන් කාල නිර්ණයන් ඉදිරිපත් කර ඇති අතර එම කාලනිර්ණයන්ට අනුව අදාළ කාලවල දී අතුරුදන් වු පුද්ගලයින්ගේ ඥාතීන් විසින් මේ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව වාර්තා වේ.එහෙත් සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත ස්ථානයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව ද සඳහන්ය.

මේ හේතුව නිසා සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා නිශ්චිත ඒකකයක් ලබාදෙන ලෙස එම ඥාතීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.