හිසට වෙඩි වැදීමෙන් ඇති වූ කම්පනය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ මතකයෙන් භාරත ලක්ෂමන් ඝාතන සිද්ධිය මැකී ගියද දේශපාලන තලයේ සිදු වූ සියළු සිදුවීම් ඔහුගේ මතකයේ හොඳින් රැඳී ඇති බව මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සඳහන් කරයි.
වෙඩි උණ්ඩ තුනක් වැදී එක් උණ්ඩයක් හිසේ සිරවී තිබියදී දේශපාලනය කරන ලෝකයේ එකම දේශපාලඥයා දුමින්ද සිල්වා වනු ඇතැයිද පවසන වර්ණකුලසූරිය මහතා ඔහුගේ මවුපියන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ අභිප්‍රාය වන්නේද ඔහු ඉතා ඉක්මනින් දේශපාලනයට ප්රවිශ්ඨ කරවීම යයිද පවසයි.
"සෞඛ්‍ය පිළිබඳ මට දැන් ගැටලුවක් නැහැ. කොලොන්නාවේ ආසනය බාරගෙන දේශපාලන වැඩ කරගෙන යනවා" යැයි කොළඹ නවලෝක රෝහලේ සිට පැලවත්තේ පිහිටි සිය නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.ඉදිරි දේශපාලන කටයතුවල යෙදීමට තමාට කිසිදු බාධාවක් නැති බවත් ඔහු පැවසීය.
දුමින්ද සිල්වා මහතාගේ පියා පැවසූවේ දුමින්ද යළිත් නිතර නිතර සායනවලට ඉදිරිපත්කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි.
කෙසේ නමුත් භාරත ඝාතන නඩුව ඇසෙන සෑම අවස්ථාවකදීම අධිකරණයේදී කියැවුනේ දුමින්ද සිල්වා මහතා ඉතා අසාධ්‍ය තත්වයේ සිටින බවත් ඔහුට අධිකරණයට හෝ ඉදිරිපත් වීමට නොහැකි බවත්ය. පසුගිය 24දින නඩුවාරයට හෝ දුමින්ද සිල්වා මහතා ඉදිරිපත් කර නොතිබුනේ ඔහුගේ හිසෙහි සිදුකර ඇති සැත්කම බරපත බැවින් මොලයට විශබීජ ඇතුල් වන නිසා සෙනග ගැවෙසෙන ස්ථානවලට ඔහු රැගෙන යාම ජීවිත අවධානමක් සිහිත එකක් බව පමසමිණි. එමෙන්ම ඔහුට වෙඩි වැදුන අවස්ථාවේ සිට සියලු දේ අමතකව ගොස් ඇති බවත් ඔහු සෞඛ්‍ය ගැටළු රාශියකින් පෙළෙන බවත් පැවසීය.
24වනදා සිට ගතවූයේ දින 3කි පසුගිය 27වනදා ඔහු බනිස් පාන් බෙදමින් ජනතාව අතර තෙරෙපෙමින් ගැවසුනේය. හොඳින් කතාබස් කෙරුවේය. පයින් ඇවිදගෙන ගියේය.
ප්‍රථමයෙන් ඔහු බන්ධනාගාර ගතර කරනු ලැබුවේද නඩුව ඇසූ විනිසුරුවරයා පුද්ගලිකවම ගොස් දුමින්ද සිල්වා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුවය. පසුව ඔහු ඇප දෙනු ලැබුවේද පියාගේ ඇප ඉල්ලීම පරිදි ඔහු පියවි තත්වයට පැමිනීමට නම් නිවසේ අය සමග සිටිය යුතු යැයි වෛද්‍ය වාර්තා අනුවය.
මෙම වෛද්‍යවාර්තා සියල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිරීක්‍ෂනයටද යටත්ය.
කෙසේ නමුත් දැන් දුමින්ද සිල්වා මහතා පවසන්නේ තමන්ට කිසිදු සෞඛ්‍ය ගැටලුවක් නොමැති බවත් කොලොන්නාව ආසනයේ වැඩකටයුතු කරගෙන යාමට තමන් සූදානම් බවත්ය. එසේනම් ඔහුට අමතකවීමේ රෝගී තත්වයක් ඇති බවටත් ඔහුගේ මොළයේ වෙඩි උණ්ඩ රැඳී ඇති බවටත් අධිකරණයට ඉදිරිපත්කරනලද විශේෂඥ වෛද්‍ය වාර්තා හිස් කඩදාසි විය යුතුය.