මහේලගේ දිල්ලි කණ්‌ඩායම පස්‌වැනි වරටත් පරදියි

අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලියේ දිල්ලි ඩෙයා ඩෙවිලියර්ස්‌ කණ්‌ඩායමට එරෙහිව සුපිරි පන්දුවාරයේදී ලකුණු හතරක ජයක්‌ ලැබූ රෝයල් චැලේන්ජර්ස්‌ බැංගලෝර් කණ්‌ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි කණ්‌ඩායම පිට පිටම ලද පස්‌වැනි තරග පරාජයද මෙය වන අතර ඔවුන් මෙවර තරගාවලියේ එකදු ජයග්‍රහණයක්‌ හෝ නොලබා ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්‌ථානයේ පසුවේ.මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කණ්‌ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 ට ලකුණු 152 ක්‌ ලැබූ අතර රෝයල් චැලේන්ජර්ස්‌ කණ්‌ඩායමද ලකුණු 152 කට සීමා විය. අනතුරුව ක්‍රියාත්මක කරන ලද සුපිරි පන්දුවාරයේ පළමුව පිති ප්‍රහාරය දියත් කළ රෝයල් කණ්‌ඩායම වෙනුවෙන් ලකුණු 15 ක්‌ ලබාදීමට ක්‍රිස්‌ ගේල් සහ ඒබී ඩිවිලියර්ස්‌ සමත් විය.සුපිරි පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 16 ක ඉලක්‌කයක්‌ හඹා ගිය දිල්ලි කණ්‌ඩායමට කඩුලු 2 ක්‌ දැවී ලබාගත හැකිවූයේ ලකුණු 11 ක්‌ පමණි.

ලකුණු තත්ත්වය
දිල්ලි පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 152 යි. (ෂෙවාර්ග් 25, මහේල 28, ජයදෙව් 24/2 යි.)
රෝයල් පන්දුවාර 20 කදී කඩුලු 7ට ලකුණු 152 යි. (කෝලි 65, ඩිවිලියර්ස්‌ 30, යාදෙව් 22/2 යි.)

Gossip Lanka Hot News Previous News Archive