ප්‍රේමය බිඳීයෑම හේතුවෙන් මරාගෙන මැරෙයි

ප්‍රේම සම්බන්ධයක් බිඳීයෑම හේතුවෙන් සිත් තැවුලට පත්ව නිදි පෙති පානය කොට රෝගී තත්ත්වයට පත්ව පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්‍ෂණවේදී උපාධි ශිෂ්‍යාවක් හට වස පොවා ඝාතනය කළ බව පැවැසෙන වෛද්‍ය ශිෂ්‍යයකු උග්‍ර විසක් තම ශරීරයට එන්නත් කර ගැනීමෙන් මිය යෑමේ සිද්ධියක් පිළිබඳ පේරාදෙණිය පොලිසිය විසින් පරීක්‍ෂණ ආරම්භ කරනු ලැබ තිබේ.

ඝාතනයට ලක්වූ බවට සැකකරන 24 හැවිරිදි මහේෂිකා ප්‍රියංගිකා කුලරත්න නමැති උපාධි අපේක්‍ෂිකාව මහනුවර, මාරස්සන ප්‍රදේශයේ පදිංචිකාරියක බව පැවැසෙන අතර ඇය මියගිය විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව සඳහන් වේ.මේ ප්‍රේම සම්බන්ධය බිඳී යෑමෙන් සිත් තැවුලට පත් ඇය නිදි පෙති පානය කිරීමෙන් පසු පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව සඳහන් වන අතර රාගම රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයකු මෙන් පුහුණුව ලබන බව පැවැසෙන ඇගේ පෙම්වතා පසුගිය 22 දින වෛද්‍ය ශිෂ්‍යයකු ආකාරයෙන් පේරාදෙණිය රෝහලට පැමිණ රෝගී ශිෂ්‍යාව හට කඩල කෑමටදී කිරි පොවා ඇති බවද පැවැසේ.


මේ ආහාර ගෙන පැය භාගයකට පසුව එම ශිෂ්‍යාව රෝහලේදීම මියගොස් ඇති අතර සැකකාර වෛද්‍ය ශිෂ්‍යයා පොල්ගහවෙලට නුදුරු ඉඹුල්දෙණිය නමැති ප්‍රදේශය කරා ගොස් සිරින්ජරයක් මඟින් තම ශරීරයට උග්‍ර විසක් එන්නත් කර ගැනීමෙන් පසුව 22 දින පස්වරුවේ මිය ගොස් ඇති බවද පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි. මෙසේ විස ශරීර ගත කර ගැනීමෙන් සිය දිවි හානි කරගෙන ඇත්තේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 25 හැවිරිදි අමිල චතුරංග නම් වූ කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයකු බව සඳහන් වේ.

මිය ගිය තරුණිය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ආර්.පී. ජයසුන්දර මහතා විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර ඇයගේ ශරීර අභ්‍යන්තර කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂක වෙත යවන ලෙසද නියෝග කොට තිබේ.

Gossip Lanka Hot News Previous News Archive