විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අධිකරණය වෙත යෑමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙයි.එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය තීනියාවල පාලිත හිමි හා එම පක්ෂයේ ජාතික සේවක සංගම් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජයලත් ජයවර්ධන මහතා නව විදුලි ගාස්තුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (19 දා) ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා ප්‍රධාන නීතිඥ මණ්ඩලයක් හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇත.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2009 හා 2010 වර්ෂයන්හි විගණන වාර්තා පමණක් නිසා එක්සත් ජාතික පක්ෂය 2011 හා 2012 වර්ෂයන්හි විගණන වාර්තා ලබාගැනීම සඳහා කටයුතු කරගෙන යයි.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ නව විදුලි ගාස්තු නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවත් ඒ හේතුව නිසාම එයින් ජනතාව මුදා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.
ජයලත් ජයවර්ධන මහතා නව විදුලි ගාස්තුවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊයේ (19 දා) ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා ප්‍රධාන නීතිඥ මණ්ඩලයක් හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇත.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2009 හා 2010 වර්ෂයන්හි විගණන වාර්තා පමණක් නිසා එක්සත් ජාතික පක්ෂය 2011 හා 2012 වර්ෂයන්හි විගණන වාර්තා ලබාගැනීම සඳහා කටයුතු කරගෙන යයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයලත් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ නව විදුලි ගාස්තු නිසා ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බවත් ඒ හේතුව නිසාම එයින් ජනතාව මුදා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.