නීතියේ පාලනය සහිත පහළ මැදි ආදායම් රටවල් අතර ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. ඒ ලෝක සාධාරණත්ව ව්‍යාපෘතිය විසින් සිදුකෙරුණු ශ්‍රේණිගත කිරීමකට අනුවයි. රටවල් 97ක් සැලකිල්ලට ගනිමින් විද්වතුන් 2500කගේ සහ සාමාන්‍ය පුද්ගලයන් 97,000කගේ අදහස් අනුව එම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා. එයින් පහළ මැදි ආදායම් රටවල් සංඛ්‍යාව 23ක්. ලකුණු ලබාදීම ඛාණ්ඩ 8ක් යටතේ වෙන්වෙන්ව සිදුකර තිබෙනවා.
ඒ අනුව අපරාධ යුක්තිය ඉටුකිරීම යටතේ ශ්‍රී ලංකාවට පහළ මැදි ආදායම් රටවල් අතරින් දෙවන ස්ථානය හිමියි. ශ්‍රේණිගත කිරීමේදී සැලකිල්ලට ගත් රටවල් 97ම සැලකීමේදී එම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව 30වන ස්ථානයේ පසුවනවා. සිවිල් සාධාරණත්වය යටතේ පහළ මැදි ආදායම් රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 6වන ස්ථානයයි. සියලූ රටවල් සැලකීමේදී එම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව 48වන ස්ථානයේ පසුවනවා. මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අනුව ශ්‍රී ලංකාව සිටින්නේ මැදි ආදායම් රටවල් අතර පස්වන ස්ථානයේයි.
සියලූ රටවල් සැලකීමේදී ශී‍්‍ර ලංකාවට එම කාණ්ඩයේ 50වන ස්ථානය ලැබී තිබෙනවා.මේ අතර ආණ්ඩුවේ බලතල සීමා කිරීම අනුව මැදි ආදායම් රටවල් අතරින් ශ්‍රී ලංකාවට 7වන ස්ථානය හිමියි. සියලූ රටවල් සැලකීමේදී එම කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව 47වන ස්ථානයේ පසුවනවා. ආණ්ඩුවේ විනිවිද භාවය සැලකීමේදී සියලූ රටවල් අතර 43වැන්නා වන ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටවල් අතර එම කාණ්ඩයෙන් තුන්වැන්නායි. දූෂණය අවම කිරීම යටතේ ද ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් රටවල් අතරින් තුන්වැන්නා වනවා. සියලූ රටවල් සැලකීමේදී
ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ 43 වැන්නායි.
කෙසේ වෙතත් සාමය සහ ආරක්ෂාව සැලකීමේදී ශ්‍රී ලංකාව පසුබෑමක් පෙන්නුම් කරනවා. එම කාණ්ඩය යටතේ පහළ මැදි ආදායම් රටවල් අතරින් ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ 20වන ස්ථානයයි. සියලූ රටවල් සැලකීමේදී ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ 89 වැන්නා වනවා. තව ද එවැනි පසුබෑමකට හේතුව ලෙස පෙන්වා දී තිබෙන්නේ සිවිල් ආරවුල් සුලභව වීම සහ පෞද්ගලීක අරමුණු වෙනුවෙන් ප්රචණ්ඩකි්රයාවල යෙදීමට පුරවැසියන්ට තිබෙන පෙලඹවීමයි.