විදුලි ගාස්තු ඉහළ යැම නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (18 වැනිදා) අනාවරණය කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට වාර්ෂිකව රුපියල් මිලියන දහසක පමණ අමතර වියදමක් දැරීමට සිදුවන බවත් මෙම වියදම් පියවා ගැනීමට ජල බිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එම නිලධාරියා පැවැසීය.මේ වන විට ජල ඒකකයක් නිෂ්පාදනය කිරීමට ජල සම්පත් මණ්ඩලයට රුපියල් හතළිස්පහක පමණ පිරිවැයක් දැරීමට සිදුව ඇත. එහෙත් මණ්ඩලය ජල පාරිභෝගිකයකුගෙන් ඒකකයක් සඳහා අය කරනු ලබන්නේ ඊට වඩා අඩු මුදලකි.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වාර්ෂිකව රුපියල් මිලියන 3200 ක් විදුලි ගාස්තු ලෙස විදුලිබල මණ්ඩලයට ගෙවන බවත් එම නිලධාරියා කීවේය.
ජල ගාස්තු ඉහළ දමන්නේ කිනම් ප්‍රතිශතයකින් ද එය සිදුවන්නේ කවදාද යන්න තවමත් කිව නොහැකි බව පැවසූ හෙතෙම ජල ගාස්තු වැඩිවීම අනිවාර්යයෙන් ම වන බව සඳහන් කළේය.