Pages

මල්ගස් වටේ දුවලා ජනප්‍රිය වුණාට ගීතාට දේශපාලනය බෑ

සිනමාවේ සුන්දර සුකුමාල චරිත රඟ පෑ ගීතා අද ජයලලිතා කෙනෙක් වෙන්න හදනවා. ජයලලිතා ඡන්දයෙන් දිනුවා, මෙයා පරාදයි. එයා ජයලලිතා මෙයා පරාජය ලලිතා යැයි දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.ගෘහණි පාඨමාලාව හැදෑරූ තරුණියන්ට සහතිකපත් ලබා දීම නිමිත්තෙන් අක්මීමන තල්ගස්යාය ශ්‍රී අශ්වත්ථාරාම විහාරස්ථානයේ පැවැති රැස්වීමකදී මන්ත්‍රිවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රිවරයා මෙසේද කීවේය.එදා ඉන්දියා සිනමාවේ සුන්දර සුකුමාල ජය ලලිතා අපේ රටට නොයෙකුත් තර්ජන කරනවා. බලපෑම් කරනවා. ඇයට මහ ඇමැති ධුරය දරා ගන්න බැහැ. පසුගිය මහ මැතිවරණයේදී අපේ අයකුත් ඡන්දය ඉල්ලුවා. එයා තමන්ගේ පක්‍ෂයේ උදවිය සමඟ කොකු දා ගන්නවා, රණ්ඩු වෙනවා, ගහගන්නවා. මෙයා තමයි අපේ සිනමාවේ සුන්දර සුකුමාල චරිත රඟ පෑ ගීතා කුමාරසිංහ.


මෙයා ඡන්දයෙන් දිනුවානම් ජයලලිතා කෙනෙක් වෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව මුළු ලංකාවේම ජයලලිතාටත් එහාට ගිය චරිතයක් වේවි.

මේවා ආටෝප චරිත, මල්ගස් වටේ දුවලා ජනප්‍රිය වුණාට දේශපාලනය කරන්න බැහැ. මොන පැත්තෙන් දේශපාලනය කළත් රටට අවශ්‍ය මානව හිතවාදී ජනතාව සමඟ සිටින අය බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.