ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට යෝජනාවක්

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් ඉහළ පෙලේ නීතී සංගම් තුනක් රැස්වෙන සමුළුවක න්‍යාය පත්‍රයට ඇතුලත් කර තිබේ.

බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ, පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතීවේදීන්, නීතී අධ්‍යාපනඥයින් සහ විනිසූරුවරුන්ගේ සංගමය දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි රැස්ව සිටින අතර එහිදී මෙම යෝජනාව සාකච්ඡාවට ගැනීමට නියමිත බවය.යෝජනාවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලධර්මවලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීමේදී සලකා බැලිය යුතු බවය.පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීම අප්‍රේල් මස 26 වෙනිදා පැවැත්වීමට නියමිතය.පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයින්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තුලින් පොදු රාජ්‍ය මණ්ඩලයේ කීර්ති නාමය හානිවන බව එම නීතී සංගම් පෙන්වා දෙන්නේය.

බී.බී.සී. ය වාර්තා කළේ, අධිකරණ නියෝගයට පිටුපාමින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යට ගරු නොකරන රටක් සේ ප්‍රචලිතවීම මත මේ තත්ත්වය උදා වී ඇතැයි ආසියානු මානව හිමිකම් සංවිධානය පවසා ඇති බවය.
*Legal Associations call for Sri Lanka's suspension from the Commonwealth

Gossip Lanka Hot News Previous News Archive