හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතාගේ බුලත්සිංහල ගීකියනකන්ද වත්තේ පිහිටි නිවස බිඳ, කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබියදී සොයා ගැනුණු පෞරාණික ඔරලෝසුව රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර ඇත.
පොලිස් මූලස්ථානය පැවසුවේ, ඔරලෝසුවේ ඇතැම් කොටස් රනින් නිමවා ඇති බවට සැකකරන බවයි. ඒ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් ලබාගැනීම සදහා අදාළ ඔරලෝසුව රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියි.
රොනී ද මැල් මහතාගේ නිවස බිද එහි තිබූ වටිනා භාණ්ඩ රැසක් කිසියම් පිරිසක් විසින් ඉකුත්දා සොරාගෙන ගොස් තිබිණ.එලෙස සොරා ගත් බව කියන මෙම පෞරාණික ඔරලෝසුව 1988 වසරේදී ලක්ෂ 62 කට තක්සේරු කර තිබූ එකක් බවටද පොලිසිය පවසයි. එය එංගලන්තයේ එඩිංබරෝ රජ මාලිගයෙන් රොනී ද මැල් මහතාට පරිත්‍යාග කළ එකක් බවද පැවසේ.අදාළ ඔරලෝසුව වසර 300කට වඩා පැරණි බවට ද සැකකෙරේ.
සොරා ගත් එම ඔරලෝසුව කරන්නාගොඩ ප්‍රදේශයේ පරණ යකඩ බඩු කඩයකට රුපියල් අට දහසකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගැනිණ .මෙම සොරකමට අදාළ පරණ යකඩ බඩු මුදලාලි කෙනකු ඇතුළු තරුණයන් සිව්දෙනකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (22 ) අත්අඩංගුවට ගනු ලැබිය.මෙසේ සොරාගත් භාණ්ඩ අතර පෞරාණික ලාම්පුවක්ද හා අඩි හය හමාරක් උසැති ආධාරකයක සවි කළ චිමිනිය සහිත පිත්තල පහනක් ද ඇතුළු භාණ්ඩ රැසක් වන බව පොලිසිය පවසයි.
වත්තේ මුරකරු විසින් ඉකුත් 17 වැනිදා තෙඹුවන පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳව කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් සිල්වා මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදීමෙන් පසු පරීක්ෂණ පවත්වා සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සැකකරුවන් සිව්දෙනාම ගීකියනකන්ද වත්තේ පදිංචි තරුණයන් සිව්දෙනකු බවද පොලිසිය පවසයි.වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් ඊයේ (22 ) රාත්‍රි තෙඹුවන පොලිසියට භාරදී තිබිණි.රොනිද මැල් මහතා අයවැය කිහිපයක්ම සකස් කළේ තෙබුවන ගීකියනකන්ද වත්තේදීය. ගීකියනකන්ද වත්තේ මුල් අයිතිකරු ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් එල්ෆින්ස්ටන් මහතාය.