රට වෙනුවෙන් අවුරුදු දාහතක්‌ දුවපු මැරතන් ශුර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ

" තාම සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් මට ලැබිලා නැහැ "

 රටවෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් තරඟ වදින තමන් හට ශ්‍රී ලංකාවේ බලධාරීන් ගෙන් ප්‍රමාණවත් ලෙසින් සහාය ලැබෙන්නේ නම් දැනට වඩා දස්කම් දැක්විය හැකි බව ලන්ඩන් මැරතන් ධාවන තරඟයේ දා හතර වෙනි තැන දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පවසයි.

තිස් පන්දහසකට අධික ජනකායක් සහ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහභාගිවූ ලන්ඩන් මැරතන් ධාවන තරඟය, ඔලිම්පික් තරගය සඳහා සුදුසුකම් ලබන කාලයට අඩුවෙන් නිමා කරන්නට ලැබීම මහත් සතුටට හේතුවක් බව අනුරාධ කුරේ  කියා සිටියේය. තරඟය නිමා කිරීම සඳහා අනුරාධට ගත වුයේ පැය දෙකයි මිනිත්තු දා හතක් සහ තත්පර පනස් තුනකි.

සතිය පුරා පැය හතලිහක කාලයක් ලන්ඩනයේ වෙළෙඳ සැලක සේවය කරන අතරවාරයේ පුහුණුවට ලැබෙන ඉඩ කඩ සීමිත බව කියා සිටි අනුරාධ කුරේ ලබන වසර මැද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ වලට සහභාගී වීම තමන්ගේ ඊළඟ ඉලක්කය බව පැවසීය.

රැකියාවට යාමට ඒමට දිවීමයි මැරතන් ශූර අනුරාධ පුහුණු වන ප්‍රධානම මාර්ගය.

" මම දැන් රට වෙනුවෙන් අවරුදු දාහතක්‌ දුවලා තියෙනවා එත් තාම මට සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක්  ලැබිලා නැහැ" යැයි අනුරාධ කුරේ ප්‍රකාශ කළේය.

ක්‍රීඩකයන් ගේ හැකියාවන් දැන හඳුනා ගෙන ඒවා වර්ධනය කර ගැනීමට සහය වීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක් බව අනුරාධ කුරේ වැඩි දුරටත් කියා සිටියේය


Gossip Lanka Hot News Previous News Archive