වරාය සේවකයෝ තමිල්නාඩුවට සිය බලය පෙන්වයි

තමිල්නාඩුවේ නැව් බඩු පටවන්නේත් නෑ ගොඩබාන්නේත් නෑ!
තමිල්නාඩුවේ සිට නැව් මගින් ආනයනය කරනු ලබන සහ තමිල්නාඩුවට අපනයනය කරනු ලබන සියලූම නැව් භාණ්‌ඩ ගොඩබෑම සහ නැව්වලට පැටවීම ඉදිරියේදී වර්ජනය කිරීමට වරාය සහජීවනය සුරැකීමේ සංවිධානය තීරණය කර ඇත.ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් සහ හිටපු මහ ඇමැති කරුණානිධි විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග අත්හිටුවීමට කටයුතු නොකළහොත් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව එම සංවිධානයේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා දිවයින ට පැවසීය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කොළඹ වරායේ සේවය කරන සේවකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (2 දා) දහවල් වරාය ප්‍රධාන ප්‍රවේශය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාරය තමිල්නාඩු භාණ්‌ඩ ගොඩබෑම සහ පැටවීම වර්ජනය කිරීමේ සූදානම පිළිබඳව ජයලලිතා ඇතුළු තමිල්නාඩු දේශපාලනඥයන්ට එල්ල කළ අනතුරු ඇඟවීමක්‌ බවද හෙතෙම කීවේය.

මේ පිළිබඳව නොසලකා තමිල්නාඩුව ශ්‍රී ලංකා රජය බෞද්ධ භික්‌ෂූන් හා ක්‍රිකට්‌ ක්‍රීඩකයින් අවමානයට සහ හෑල්ලුවට ලක්‌කරමින් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ ඊළාම් සිහිනය සැබෑ කර ගැනීමට දිගින් දිගටම කටයුතු කළහොත් තමිල්නාඩු භාණ්‌ඩ වර්ජනය කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන බවද වැලිගම මහතා වැඩිදුරටත් පැවසීය.

වරාය සහජීවනය සුරැකීමේ සංවිධානය මෙහෙයවීමෙන් වරාය සේවක සේවිකාවන් දෙදහසකගේ පමණ සහභාගිත්aවයෙන් ඊයේ (2 දා) දහවල් 12.00 සිට ප. ව. 1.00 දක්‌වා කොළඹ මල්වත්ත ඛාන් ඔරලෝසු කණුව ඉදිරිපස වරාය ප්‍රධාන පිවිසුම අසල සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පවත්වන ලදී.




Organisation to safeguard sovereignty’ held a protest today outside the Ports Authority against anti Sri Lanka campaigns launched in Chennai and Tamil Nadu.

Gossip Lanka Hot News Previous News Archive