කටුගෙයක් කළ යුත්තේ සිරිකොතයි

ඊනියා ගිවිසුමක් හරහා රට පාවා දුන් එක්සත් ජාතික පක්ෂය දැන් කටුගෙයක තැන්පත් කිරීමට කාලය පැමිණ ඇති බවත්, ඉදිරි පරම්පරාවලට මෙන්ම දෙස් විදෙස් ජනතාවටත් එම පක්ෂයේ කෙරුවාව, දැනගත හැකි පරිදි, මත්තල ගුවන් තොටුපළේ පුංචි කටුගෙයක් හදා එහි වත්මන් එ.ජා.ප. මහලේකම්වරයාගේ, පිළිරුවක් ද තැන්පත් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ පසුගියදා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මත්තල ගුවන්තොටුපළ වැසෙනතුරු බලාගෙන සිටීමේ පහත් ආශාවක් එ.ජා.ප.යට ඇති බවත්, මේ වන විට විදේශ ගුවන් සමාගම් කිහිපයක් ද මත්තලට පියාසර කිරීමේ කැමැත්ත පළ කර ඇති බවත්ය.
එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සියල්ල මේ වන විට කටුගෙයි ආසන්නයට යවා අවසන් නිසා දැනට ඉතුරුව ඇත්තේ ඔවුන් එහි තැන්පත් කිරීම පමණක් හෙයින් ඒ සඳහා මත්තල ගුවන් තොටුපළේ පහසුකම් ලබාදිය හැකි බවත්ය.
-සබැදි පුවත්-
1. මත්තල කටුගෙයක් කරන බව එජාපය කියයි

Gossip Lanka Hot News Previous News Archive