රුසියානු ජාතික කාන්තාවක් විසින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟනට නැවත වතාවක් කොල්ලූපිටියේ සමාජ ශාලාවක දී පහරදී ඇතැයි වාර්තා වේ.
සමාජ ශාලාවෙහි කළමනාකාරීත්වය පිළිබඳ ඇති වූ මත ගැටුමක් නිසා මෙම රුසියානු ජාතික කාන්තාව ඇයට පහර දී ඇත.මේ රුසියානු ජාතික කාන්තාව සමාජ ශාලාවක හිමිකාරියක් වන දැනට බන්ධනාගාරගත ව සිටින කොළඹ ප්රධාන පෙළේ සමාජ ශාලා මෙහෙයවන්නියකවූ 'ජිනා මඩම්' ගේ පුත්රයා වන දිනේෂ් නැමැත්තාගේ බිරිඳ බව ද වාර්තා වේ.නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන හිමිවූ ජනප්රියතාව හේතුවෙන් ඇයට සමාජ ශාලාවේ කළමනාකාර ධූරයක් හිමිවූ බවත් මෙම ගැටුමට ද මුල් වී ඇත්තේ එය බවත් වාර්තා වේ.නයි නළඟනගේ පෙම්වතා වන සුල්තාන් මේ පහර දීම ගැන කොල්ලූපිටිය පොලිසියට පැමිණිල්ලක් දැමීමට උත්සාහ දරා ඇතත් සමාජ ශාලාවෙහි හිමිකාරිත්වයේ බලපෑම් මත ඔහු පැමිණිල්ල දැමීම අතහැර තිබේ.