මත්තලින් නව රැකියා අවස්ථා රැසක් බිහිවේ

නොබෝදා විවෘත වූ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් බිහිවී ඇතැයි ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසයි.

මත්තල ගුවන්තොටුපල පියාසර මාර්ගය අවට පක්ෂීන් සැරිසැරීම නිසා ගුවන්ගමන්වලට බාධාවන බවත් ගුවන්පතයට මොනරුන් පැමිණීමෙන් එදිනෙදා කටයුතු වලට බාධාවන බවත් වාර්තා විය. තවද ගුවන්තොටුපලට යන මාර්ගය දෙපස වන අලින් සැරිසැරීම හේතුවෙන් ගුවන්ගමන් සඳහා යන මගීන් අනතුරක් එල්ල වීමේ අවධානමක්ද මතුවී තිබේ. ඒ පිළිබඳ ගුවන්තොටුපල නිලධාරීන් පෙන්වා දීමෙන් අනතුරුව පක්ෂීන් එලවීමටත් වන අලින් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ගුවන්තොටුපලට සේවකයින් කිහිපදෙනෙක් බඳවාගැනීමට තීරණය වී තිබේ.මේ අනුව ගුවන් සේවා ආශ්‍රිතව මෙතෙක් නොපැවති රැකියා තනතුරු කිහිපයක් බිහිවී තිබේ.
ඉදිරියේදී මෙම තනතුර සම්බන්ධව මූලික වැටුප තීරණය කිරීම, සේවා ව්‍යවස්ථාවක් සැකසීම, පුරප්පාඩු පිරවීමේදී සුදුසුකම් තීරණය කිරීම ආදි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive