දුමින්ද සිල්වාට ඇප - Duminda Silva Released on Bail

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනෙකු ඝාතනය කිරීමේ නඩුවේ 11 වැනි විත්තිකර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාට අද කොළඹ මහාධිකරණය ඇප නියම කළේ ය.

ඒ, මුදලින් රුපියල් 50,000 ක් හා ලක්ෂ 15 බැගින් වු ශරීර ඇපකරුවන් දෙදෙනෙකු සහතික වීමේ කොන්දේසිය මතය.

ඔහු නඩුවේ සාක්ෂිකරුවන් හෝ නඩුවට වෙනත් අන්දමකින් බලපෑම් නොකළ යුතු බව ද විනිසුරුවරයා පවසා තිබේ.අද මෙම ඇප ඉල්ලීම අධිකරණය හමුවේ කැඳ වු අවස්ථාවේ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා චූදිතයින් වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ සිද්ධිය වු දිනයේම මොහුටත් වෙඩි වැදී හිස් කබලට තුවාල සිදුවු බවත් මේ වනවිට දුමින්දගේ සිරුරේ වම්පස අප්‍රාණිකවී ඇති බවත් හිසෙන් සියයට 40 ක පමණ ප්‍රමාණයක් අඩපණව ඇති බවත්ය. මේ නිසා පුනරුත්ථාපනය කිරීමෙන් ඔහුට සුවය ලද හැකි බවත් පුනරුත්ථාපනය පිණිස පවුලේ අය සමග ගැවසීමට අවශ්‍ය බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවත්ය.
දුමින්දගේ මොළයේ අඩපණ කතාව නීතීඥයා කියන අවස්ථාවේ විනිසුරු අසා සිටියේ මොළේ ඉතිරිවෙලා තියනවද යනුවෙනි. එයට පිළිතුරු දුන් නීතීඥ අනුජ ඉතිරි වෙලා තියනවා ස්වාමීනි යනුවෙන් කියා සිටියා.
තීන්දුවෙන් පසු මෙතෙක් නවලෝක රෝහලේ සිටි දුමින්ද නිවසට යනු ඇතැයි ආරංචි පළවෙනවා.

Gossip Lanka Hot News Previous News Archive