වශියක් කරනවා නම් මෙන්න දවස

ග්‍රහලොව පුරෝහිතයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා හෝ ග්‍රහලොව මනාලිය වන ශුක්‍ර හෙවත් සිකුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍රව උත්පත්ති කේන්ද්‍රයක පිහිටීමෙන් 'චින්තාමණී' නමැති ප්‍රබල 'වශී' යෝගය නිර්මාණය වේ.එම න්‍යායට අනුව සිකුරු ග්‍රහයා පසුගිය මාර්තු මස 17 වැනි ඉරු දින සවස 2.06ට තම උච්ච භවනය වූ මීනයට සැපත් වීමෙන් ලග්න ‍ෙදාළොසටම 'චින්තාමණී' යෝගය යෙදෙනු ඇත. මෙම යෝගය තුළ ප්‍රබල වශී බලයක් ඇති අතර එම යෝගය පිහිටා ඇති කේන්දර හිමියන් වෙත අන්‍යයන් වසඟ වන බව පැරැණි පත පොතේ සඳහන්ව ඇත.

විශේෂයෙන් මැති ඇමැතිවරු හා ප්‍රභූවරු මෙම යෝගය ඇති ජන්මීන් හට නිසැකවම වසඟ වන බව පැවැසිය හැකි අතර එවැනි බලගතු වශීකෘත බවක් 'චින්තාමණී' යෝගය තුළ ගැබ්ව ඇති බව ඉඳුරා ප්‍රකාශ කළ හැකිය. ලග්න ‍ෙදාළොසට චින්තාමණී යෝගය යෙදෙන්නේ මේ අයුරිනි.
මේෂයට ‍ෙදාළොස්වැන්නේදීත්, වෘෂභයට එකොළොස්වැන්නේදීත්, මිථුනයට දහවැන්නේදීත්, කටකයට නවවැන්නේදීත්, සිංහයට අටවැන්නේදීත්, කන්‍යාවට හත්වැන්නේදීත්, තුලාවට හයවැන්නේදීත්, වෘශ්චිකයට පස්වැන්නේදීත්, ධනුවට හතර වැන්නේදීත්, මකරයට තුන්වැන්නේදීත්, කුම්භයට දෙවැන්නේදී හා මීනයට ලග්නයේත් සිකුරු තැන්පත්ව සිටීමෙන් මෙම යෝගය උදාවෙයි.
එමෙන්ම කේන්ද්‍රස්ථාන වන, 1, 4, 7, 10 යන ස්ථානයන්හිත්, ත්‍රිකෝණ ස්ථාන වන 5 සහ 9 ස්ථානවලදීත් මෙම යෝගය ඉතා උසස් ප්‍රතිඵල ප්‍රදානය කරන බව පැවැසිය හැකිය. මෙම චින්තාමණී යෝගයට සමගාමීව මිථුන, කන්‍යා, ධනු සහ මීන ලග්න හිමියන්ට සිකුරුගෙන් යෙදෙන එකම පංචමහා පුරුෂ යෝගය වන මාලවී යෝග බලයද හිමි වනු ඇති. මෙම බලවත් යෝග දෙක මාර්තු 17 වැනිදා පස්වරු 2.06 සිට අප්‍රේල් මස 10 වැනි බුධ දින සවස 5.41 දක්වා උපත ලබන දරු දැරියන්ගේ කේන්දරවල නොඅනුමානවම සටහන් වනු ඇත.

ජෝතිෂවේදී කොටදෙණියාවේ ගුණවර්ධන

Gossip Lanka Hot News Previous News Archive