දැරිවියකට අතවර කළ මාමා සහ දියණියව දුෂණය කළ පියා

බාලවයස්කාර තම දියණියව දුෂණය කළ බව කියන පියෙකු සහ අසල්වැසි දැරිවියක දුෂණය කළ බව කියන මාමා කෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ ආඬිගම - පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 13 ක සහ 14 ක දැරියන් දෙදෙනෙකි. වයස අවුරුදු 13 ක දැරිවියව දුෂණය කර ඇත්තේ ඇයගේ පියා විසිනි.
මෙම දැරිවියගේ මව රැකියාවක් සදහා විදේශ ගතවී ඇති අතර ඇය සිට ඇත්තේ තම පියා බාරයේය.නිවසේ කිසිවෙකුත් නැති අවස්ථා වලදී සැකකාර පියා විසින් අවස්ථා කීපයකදීම තම දියණියට අතවර කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. මේ අතර තම නිවසට රූපවාහිණිය නැරඹීම සදහා පැමිණි බව කියන වයස අවුරුදු 14 ක් වන දැරිවියකට අතවර කළ බව කියන අසල්වැසි මාමා කෙනෙකුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අතවරයට පත් දැරිවිය රූපවාහිණිය නැරඹීම සදහා සැකකරුගේ නිවසට යන බවත්,එවැනි අවස්ථාවලදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බවත් පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනාවම වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.සැකකරුවන් පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive