සම්මත අවි ආයුද වෙළෙඳාම පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඓතිහාසික ගිවිසුමකට එළැඹ තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මේ වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද බහුතරයක් ලැබුණු බවය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වූ ගෝලීය අවි වෙළෙඳාම පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබේ.ඉන්දියාව ද ඊට ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. ඊට අමතරව, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ඉක්වදෝරය, සුඩානය, ස්වාසිලන්තය යන රටවල් ද ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියේය.ගෝලීය අවි වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ඡන්දය භාවිත නොකළ මුළු රටවල් සංඛ්‍යාව 23කි.මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විරුද්ධව ඡන්දය භාවිත කළේ, රටවල් 3ක් පමණි.ඉරානය, සිරියාව සහ උතුරු කොරියාව සම්මුතියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වේ.

මෙම සම්මුතිය මගින් අමෙරිකානු ඩොලර් බිලියන70ක පමණ වන ලෝකයේ අවි ගනුදෙනු නියාමනය කිරීමේ අවස්ථාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිමිවේ.විදෙස් වාර්තා පවසන්නේ, සුළු අවිවල සිට යුද ටැංකි සහ යුද නෞකා දක්වා වන සියලු යුද උපකරණ මිලදී ගැනීම් මෙමගින් නියාමනය වන බවය.මෙම සම්මුතිය මගින් නීතිවිරෝධී අවි ගනුදෙනු නතර කිරීමට අවස්ථාව හිමිවන බව අමෙරිකාව ප්‍රකාශ කළේය.අදාළ ගිවිසුමට එළැඹීම පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසූවේ, එය ශක්තිමත් සහ ක්‍රියාකාරී එකක් බවය.එමෙන්ම ගිවිසුම එක්සත් ජාතීන් ලැබූ විශාලජයග්රහණයක් බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් පවසයි.
UN passes historic arms trade treaty by huge majority