මහා පරිමාණ සුනඛ උපත් පාලන වැඩසටහනක් තුළින් මහරගම ප්‍රදේශයේ ප්‍රජාවට සුනඛයින් නිසා බලපෑ හැකි ගැටලූ අවම කිරීම අරමුණු කරගත් වසර තුනක ව්‍යාපෘතියේ දෙවන වසරේ ක්‍රියාකාරකම් සුප්‍රසිද්ධ එම්බාර්ක් විලාසිතා සන්නාමය විසින් අරඹා ඇත.
දළ වශයෙන් 185,000 ක් ජීවත් වන මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය පුරා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලබන්නේ ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන CNVR (වන්ද්‍යකරණයට ලක්කිරීම, එන්නත් කිරීම සහ නිදහස් කිරීම) නැමති ක්රමවේදයයි.මෙම ව්‍යාපෘතිය යටතේ මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී, එම්බාර්ක් සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් හා බෙස්ට් කෙයා සත්ත්ව රෝහල එක්ව සුනඛයින් සඳහා ජලභීතිකා එන්නත් ලබාදීම මෙන්ම වීදි සුනඛයින් හා නිවාසවල ඇතිකරන සුනඛයින් සමාජයට හෝ ඔවුන්ගේ අයිතිකරුවන්ට මුදා හැරීමට පෙර වන්ද්‍යකරණයට ලක් කරමින් මෙම ගැටලූව ක්‍රමානුකූලව කළමනාකරණය කරයි.
ජලභීතිකාව පිළිබඳ වත්මන් වාර්තා සැලකිල්ලට ගනිමින් මෙහිදී ව්‍යාපෘතිය විසින් වඩාත්ම අවධානය යොමුකර තිබෙන්නේ සුනඛයින් හට ජලභීතිකා එන්නත් ලබාදීමට වන අතර මේ සඳහා අවශ්‍ය වූ විට නිවෙස් වෙතටම යාමට වුවද කටයුතු කරයි. මේ අනුව, ජලභීතිකා එන්නත් ලබාදීමේ පළමු අදියර යටතේ මහරගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ 70% ක් පමණ ප්‍රදේශයක් දැනටමත් ආවරණය කර තිබේ.
වගකීම් සහගතව සුරතලූන් ඇති කිරීමට සහ නිවසේ ඇති කරන සුනඛයින් අඛණ්ඩව එන්නත් කිරීමට හා වන්ද්‍යකරණයට ලක්කිරීමට ප්‍රජාව උනන්දු කරන අධ්‍යාපන වැඩසටහන් මගින් මෙවැනි ක්‍රියාකාරකම් වලට නොමඳ සහයෝගයක් ලැබේ.
මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආවරණය කරන අවබෝධතා ගිවිසුමට පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, එම්බාර්ක් සහ පශු වෛද්‍ය සේවා සම්පාදකයින් විසින් පසුගියදා නිළ වශයෙන් අත්සන් තැබීය.
”අපගේ අරමුණ වන්නේ මහරගම සෞඛ්‍ය බල ප්‍රදේශය තුළ සිටින දඩාවතේ යන හා නිවෙස්වල ඇතිකරන සුනඛයින් උපරිමය 80% ක් දක්වා එන්නත් කිරීම හා ගැහැණු සතුන් 80% ක් දක්වා වන්ද්‍යකරණයට ලක් කිරීමයි.” යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් එම්බාර්ක් හි, ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රධානී, අෂානි ගොපල්ලව මහත්මිය පැවසුවාය. ”සමස්තයක් ලෙස මෙහි අරමුණ වන්නේ, දඩාවතේ යන සුනඛයින්ගේ ගහණය විශාල ලෙස වැඩිවීමේ ප්රශ්නය විසඳීම තුළින් හා ජලභීතිකා රෝගය බෝවීම වලක්වා ගැනීම සහ සුනඛ-මිනිස් ගැටුම අඩුකර ගැනීමයි.”
ගොපල්ලව මහත්මිය පැවසුවේ සියළුම වන්ද්‍යකරණ හා එන්නත් ලබාදීමේ කටයුතු පුහුණුවලත් පශු වෛද්‍යවරුන් විසින් විෂබීජ ඇතුළු නොවන සේ ඉතාමත් සැලකිල්ලෙන් සිදු කරන බවයි. මෙවැනි වීදි සුනඛයින් නිදහස් කිරීමේදී උන්ට කිසිදු හානියක් සිදු නොවූ බවට තහවුරු කරගැනීම සඳහා වෘත්තිකයින් විසින් එය අධීක්ෂණය කරති.
මේ පිළිබඳව කොළඹ, පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ”මහරගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ ජලභීතිකාව පාලනය කිරීමට එම්බාර්ක් විසින් දියත් කර තිබෙන මෙම ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කයේ ජලභීතිකා පාලන ව්‍යාපෘතියට ලබාදෙන්නේ විශාල සහයෝගයක්. එසේම, රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා රාජ්‍ය නොවන ආයතනයක් සහයෝගයෙන් වැඩ කිරීම පිිළිබඳව මෙය උදාහරණයක්. මෙම ව්‍යායාමයට එක්වී සිටින සියළුම සතුන්, අයිතිකරුවන් සහ කාර්ය මණ්ඩලය, ව්‍යාපෘතියට අවශ්‍ය ඉතාමත් වැදගත් අංග ලෙසින් ව්‍යාපෘතිය විසින් සලකනවා. මෙම මැදිහත්වීම කළ පසුව සෑම සතෙකුම සුවය ලබන තෙක් රැකබලා ගැනීම එම්බාර්ක් විසින් සහතික කර තිබෙනවා. සුනඛයින් ජල භීතිකාවට ගොදුරු නොවන සේ එන්නත් කර ගැනීමටත් ව්‍යාපෘතිය මගින් වන්ද්‍යකරණයට ලක්කර ගැනීමටත් ලැබීම ගැන අයිතිකරුවන් සතුටට පත්වී සිටින අතර එය ඔවුන්ට අළුත් අත් දැකීමක්.”