බස් රියැදුරයි කොන්දයි පෝරකේට

2005 වසරේ යාන්ගල්මෝදර දී
බස්‌ රියක්‌ දුම්රියේ ගැටී මගීන් 41 ක්‌ මිය යැම

යාන්ගල් මෝදර දුම්රිය හරස්‌ මාර්ගයේ වසා දමා තිබූ දුම්රිය ගේට්‌ටුව අතරින් බස්‌ රථයක්‌ ධාවනය කිරීමට යැමෙන් බස්‌ රිය ධාවනය වූ දුම්රියක ගැටීම නිසා බස්‌ රියේ සිටි මගීන් 41 දෙනකු මරණයට පත් කර 35 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ එම බස්‌රථ රියෑදුරුට හා කොන්දොස්‌තරට පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (05 දා) මරණීය දණ්‌ඩනය නියම කරන ලදී.
මෙහි නඩු විභාගය කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග වූ අතර පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නඩුව විභාග කළ පූර්වගාමී විනිසුරුවරයා ලෙසින් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම බරපතළ තුවාල සිදු කිරීම සහ ඊට ආධාර අනුබල සැපයීම ආදී වශයෙන් චෝදනා 76 බැගින් නගා නීතිපතිවරයා විසින් චූදිතයන් දෙදෙනාට මෙම නඩුව පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා චූදිතයන්ට එරෙහි චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කොට ඇති බවත් ඒ අනුව සියලු චෝදනාවන්ට ඔවුන් වැරැදිකරුවන් කරමින් ලබාදිය හැකි උපරිම දඬුවම වන මරණීය දණ්‌ඩනය නියම කරන බවත් කියා සිටියේය.

මගීන් 41 දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට චූදිතයන්ට මරණීය දණ්‌ඩනය නියම කරන බවත් මගීන් 35 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාවට වසර දහය බැගින් එකවර ගෙවී යන සිර දඬුවම් නියම කරන බවත් දන්වා සිටි විනිසුරුවරයා තුවාලකරුවන්ට රුපියල් පන්දහස බැගින් වන්දියක්‌ ගෙවන ලෙස ද එය නොගෙවන්නේ නම් ඊට වසර බැගින් අමතර සිර දඬුවම් නියම කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දන්වා සිටියේය.

2005 අප්‍රේල් 27 දා තමා විසින් පදවන ලද බස්‌ රථයේ ගමන් කළ මගීන් 41 දෙනකු මරා දමා තවත් මගීන් 35 දෙනකු මරා දැමීමට තැත් කිරීම යනාදී ලෙසින් විත්තිකරුවන්ට එරෙහි වෙන් වෙන් ලෙසින් ගොනු කර තිබූ චෝදනා 152 ක්‌ මාස 2 1/2 කට අධික කාලයක්‌ පුරා කුරුණෑගල මහාධිකරණය හමුවේ එක දිගට විභාග කිරීමෙන් පසුව මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

පැමිණිල්ල වෙනුවෙන් අනතුරට ලක්‌ වූ බස්‌ රථයේ ගමන් කර ජීවිත බේරා ගත් මගීන් ද බස්‌ රථය ගැටුණු කොළඹ - නුවර නගරාන්තර දුම්රියේ රියෑදුරු ද දුම්රිය මාර්ග කම්කරුවෙක්‌ ද දුම්රිය මාර්ගය අසල සිටි පිරිස්‌ ද දුම්රිය හරස්‌ මාර්ගයේ නවතා සිටි වාහනවල රියෑදුරන් ද වෛද්‍යවරුන් ද පොලිස්‌ නිලධාරීන් ද ඇතුළු විශාල පිරිසක්‌ සාක්‌කියට කැඳවා තිබිණි.

කොළඹ - නුවර නගරාන්තර දුම්රිය යාන්ගල්a මෝදර දුම්රිය හරස්‌ මාර්ගය පසු කිරීම සඳහා පැමිණීමේදී දුම්රිය ගේට්‌ටුව වසා තිබූ බවද දඹුල්ල-වෑවල ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වූ එන්. ඩබ්ලිව්. එච්. ටී. 2520 දරන පෞද්ගලික බස්‌ රථය එම ස්‌ථානයට එන විට ඊට ඉදිරියෙන් තවත් වාහන කීපයක්‌ නවතා තිබූ බවද සාක්‌කිවලදී හෙළිවිය.

එක්‌ වරම බස්‌ රථයෙන් බිමට බැස ගත් බස්‌රථ කොන්දොස්‌තර දුම්රිය හරස්‌ මාර්ගය මතට ගොස්‌ දුම්රිය මාර්ගය දෙස බලා බස්‌ රථයට ඉදිරියට එන ලෙසට අතින් සංඥ කළ බවත් එම සංඥවට අනුව බස්‌ රථයේ රියෑදුරු එක්‌වරම බස්‌ රථය මාර්ගයේ දකුණුපස තීරුවට ගෙන ඉදිරියට ධාවනය කරවූ බවත් නඩු විභාගයේදී සාක්‌කි වලින් අනාවරණය වී තිබූ අතර එම අවස්‌ථාවේදී දුම්රිය මාර්ගයේ ඇණ තද කිරීමේ යෙදී සිටි දුම්රිය කම්කරුවා සහ ත්‍රිරෝද රථ රියෑදුරකු කෝච්චිය එනවා දාන්න එපා යෑයි කෑගැසුවත් රියෑදුරු එම කෑගැසීම ගණනකට නොගෙන බස්‌ රථය දුම්රිය මාර්ගය මැදට දැමූ බවත් සාක්‌කිවලින් අනාවරණය වී තිබිණි.

තමා පැදවූ බස්‌ රථය යාන්ගල් මෝදර දුම්රිය හරස්‌ මාර්ගයේදී දුම්රියක ගැටුණු බවට පළමු විත්තිකාර බස්‌රථ රියෑදුරු අබ්දුල් වාහීඩ් හප්රුල් සාක්‌කි දෙමින් පිළිගත් අතර බස්‌ රථයේ කිසිවකු මරා දැමීමේ ෙච්තනාවක්‌ තමා තුළ නොතිබූ බවත් දුම්රිය පැමිණීමට පෙර බස්‌ රථය දුම්රිය මාර්ගයෙන් අනෙක්‌ පැත්තට ගෙන යැමට තමා උත්සාහ කළ බවත් ඔහු සාක්‌කි දෙමින් කියා සිටියේය.

සාක්‌කි විභාගයෙන් අනතුරුව පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෙච්තිය ගුණසේකර මහතා කරුණු දක්‌වමින් දුම්රිය පැමිණීම නිසා හරස්‌ මාර්ගය ගේට්‌ටුවකින් වසා දමා ඇති අවස්‌ථාවක ඒ අතරින් වාහනයක්‌ ගමන් කළහොත් දුම්රියේ ගැටීම සිදුවී අනිවාර්යයෙන්ම එහි ගමන් කළ අය ජීවිතක්‍ෂයට පත් වීම හෝ බරපතළ තුවාල සිදු වන බව රියෑදුරු දැන සිටිය යුතු බවත් මරණය සිදුවන අවදානමකට සමාව දිය නොහැකි බවත් හේතුවක්‌ නොමැතිව මුහුණ දෙන අයකුට දැඩි දඬුවම් දිය යුතු බවත් කියා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් එදිරිසිංහ මහතා කරුණු දක්‌වමින් මගීන්ගේ ජීවිත නැති කිරීමට විත්තිකරුවන් තුළ කිසිදු අරමුණක්‌ තිබී නැති බවත් ඔවුන් මගීන් මරා දැමීමේ ෙච්තනාවෙන් කටයුතු කර ඇති බවට පැමිණිල්ල ඔප්පු කොට නැති බවත් කියා සිටියේය.මහාධිකරණ විනිසුරු විසින් මරණීය දඩුවම නියම කිරීමට පෙර අන්තිම වතාවට කිවයුත්තේ කුමක්‌ දැයි විමසූවිට ඉස්‌ලාම් ජාතිකයකු වන රියෑදුරු පැවසුවේ අල්ලා දෙවියන්ගේ නාමයෙන් තමාට සමාව ලබාදෙන ලෙසය.රියෑදුරු සහයකයා පැවසුවේ හොඳ පුරවැසියකු ලෙස ජීවත් වීමට මරණීය දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක්‌ ලබාදෙන ලෙසය.මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ ෙච්තිය ගුණසේකර මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නලින් එදිරිසිංහ මහතා පෙනී සිටියේය.




The Kurunegala High Court today sentenced to death a bus driver and a conductor,who were found guilty of the charge of having caused the death of 41 passengers in a bus-train tragedy in 2005 at Yaangalmodara

Gossip Lanka Hot News Previous News Archive