පුත්තලම ප්‍රා සභාපති රිය අනතුරකින් මරු

දැදුරු ඔය ප‍්‍රදේශයේදී අද (25) අලූයම සිදුවූ අනතුරකින් පුත්තලම ප‍්‍රාදේශීය සභා සභාපති ඩිලූක් සුසාර පතිරගේ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ මහතාගේ කැබ් රථය කොළඹ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබියදී ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ රියැදුරා බරපතළ තුවාල සහිතව හලාවත රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් සභාපතිවරයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියි. මෙසේ මිය ගිය සභාපතිවරයා 45 හැවිරිදි දෙදරු පියෙකි.

Gossip Lanka Hot News Previous News Archive