වයස අවුරුදු 4ක් වයසැති දැරියක වරින් වර දූෂණයට ලක් කළේ යැයි ගෙලිඔය, කළුගමුව ප්රදේශයේ පිය, පුතු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.එම නිවසේ පදිංචිව සිට ඇත්තේ සැකකරුවන් දෙදෙනා හා අදාළ දැරිය පමණකි. පළමු සැකකරුවන පියාගේ දෙවැනි බිරිඳගේ දරුවා වන අතවරයට ලක්වූ දැරිය එම නිවසේ දමා මව හැරගොස් ඇත. දෙවැනි සැකකරු වන පුතා, පියාගේ පළමු විවාහයේ දරුවෙකි.
දින කිහිපයක් රාත්රී කාලයේ දරුවකුගේ කෙඳිරිලි හඬක් ඇසීම හේතුවෙන් එ් පිළිබඳ සැක සිතී අසල පල්ලියක පූජකවරුයකු පොලීසියට දුන් තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් ලබන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.