හරිත අවකාශය බහුලව දැකීමෙන් මිනිසාගේ ජීවන තත්ත්වය ඉහළ යන බව එංගලන්ත පර්යේෂණයක් හෙළි කරයි. වසර 17 ක් පුරා අධ්‍යයනය සිදුකර තිබේ. එංගලන්තයේ ජීවත්වන පවුල් පන්දහසකට වැඩි සංඛ්‍යාවකගෙන් ඊට අවශ්‍ය තොරතුරු ලබාගෙන ඇතැයි බී බී සී ප්රවෘත්ති සේවය සඳහන් කරයි. උද්‍යාන , මල්වතු ඇතුලු හරිත අවකාශ දැකීම තුළ මිනිසාගේ ජිවන තත්ත්වයෙහි වර්ධනයක් ඇතිවන බව තහවුරු කරගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සහාය ද ඊට ලබා ගැණින. ධනාත්මක චින්තනය ඉහළ යාමට ද එම තත්ත්වය හේතුවන බව සොයාගෙන ඇත.
පර්යේෂණය තුළින් සකස් කළ යෝජනා එංගලන්ත රජයට භාරදී තිබේ. ඊට අදාලව නාගරික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන ලෙස බලධාරින්ට උපදෙස් නිකුත් කර ඇතැයි බී බී සී ප්රවෘත්ති සේවය ප්‍රකාශ කරයි. නාගරීකරණය සහ කාර්ය බහුලත්වය හේතුවෙන් හරිත අවකාශය මිනිසාගෙන් ඈත්වන බවට හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න සහ සුවදායී ජීවිතයකට එය කිසිසේත් සුදුසු නොවන බව පර්යේෂකයෝ කියා සිටිති.