දෙදරු පියකු අසල්වාසී නිවෙසකට පැමිණ එහි ගෙහිමියාට රුපියල් පන්සියයක මුදලක් දී අරක්කු කාලක් හා බීර බෝතලයක් ගෙනවිත් දෙන ලෙස ඉල්ලීමෙන් පසු ඒවා ගෙන ඒමට වැලිගම නගරයට ගිය අතර වාරයේ ඔහු එහි සිටි පහළොස් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකොට පලා ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
අතවරයට පත් දැරිය හා ඇයගේ බාල සොහොයුරියත් වැඩිමහල් සොහොයුරන් දෙදෙනකු හා පියාත් එම නිවෙසේ ජීවත් වේ. මව ඔවුන් හැර ගොස්ය.සිද්ධිය වූ නිවෙසේ සිට ඇත්තේ එම දැරියත් බාල සොහොයුරියත් පියාත් පමණි.එදින රාත්‍රි 7.15ට පමණ සැකකරු එම නිවෙසට පැමිණ ඇත. ඔහු පියාගේ හිතවතෙකි.අරක්කු හා බීර ගෙන එන පියා පිටත්කළ පසු නිවෙසේ ඉතිරි වී ඇත්තේ සැකකරු සහ දැරියන් දෙදෙනා පමණි.නිවෙසේ එළුවෙකු ඇතිකරන අතර උෟ බැඳ දමා තිබී ඇත්තේ ජනේලයක කූරුවලය. සැකකරු දැරියන්ට නොදැනෙන්නට එම එළුවා මුදා හැර එළුවා දිවයන බවට කෑ ගසා තිබේ.එළුවා අල්ලා ගැනීමට දැරිය එළියට බැස දිවයද්දී සැකකරු ඇය පසුපස හඹා ගොස් ඇත. දැරිය ඔහුගෙන් බේරෙන්නට අසල වූ වැසිකිළියකට රිංගා ෙදාර වසාගෙන ඇත.
බොහෝ වේලාවක් එහි සිටි දැරිය සැකකරු ගියා යැයි සිතා වැසිකිළියෙන් එළියට පැමිණෙද්දී ඒ අසල රැක සිටි සැකකරු දැරිය අල්ලාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර පලාගොස් තිබේ.අරක්කු හා බීර රැගෙන පියා පැමිණි පසු දැරියන් දෙදෙනා සිද්ධිය ඔහුට පැවසීමෙන් පසු ඔහු ඒ පිළිබඳ වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනක දිසානායක මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජී.පී.ටී. ඉෂාන් මහතා පරීක්ෂණ ආරම්භ කර ඇත.දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.