Pages

කාංචනා බක්‌මහේදී යළි මව් පදවි ලබයි

උදාවෙන බක්‌ මාසෙ කාංචනා මෙන්ඩිස්‌ට අතිශයින්ම භාග්‍යවන්ත මාසයක්‌ බවට පත්වෙන බව අපට දැනගන්නට ලැබුණා. මීට මාස හය හතකට පෙර බාරගත්ත රංගන කටයුතු අවසන් කළ කාංචනා අලුතින් කිසිදු රංගන කාර්යයක්‌ බාරගත්තේ නැහැ. එයට හේතුව ඇය දෙවන දරු ප්‍රසූතියට සූදානම් වෙන නිසා. බබා ලැබෙන්න නියමිත දින යෙදිල තියෙන්නෙ අප්‍රේල් මාසයෙයි. කාන්චනා දෙවැනි වරටත් මවක්‌ වෙද්දි ඈ ළඟින් ඉන්න කාංචනාගෙ සැමියාත් අප්‍රේල් මාසෙ මුලදි ලංකාවට එන්න නියමිතයිලු.

කාලයක්‌ තිස්‌සෙම විදේශ රටක රැකියාවක නිරතව ඉන්න කාංචනාගෙ සැමියා රොෂාන් විදෙස්‌ගත වුණාටම පස්‌සෙ සිංහල අවුරුදු සිරිත් විරිත්වලට ලංකාවෙ රැඳෙන ප්‍රථම අවස්‌ථාවත් මේ අවුරුද්දලු.

කාංචනා කතෝලික ආගම ඇදහුවත් සිංහල අවුරුදු නැකත් පිළිපදින්න විවාහ වුවාට පසුව හැම සිංහල අවුරුද්දටම රොෂාන්ලගෙ දෙමව්පියන් සිටින කළුතර නිවසට යැම පුරුද්දක්‌ කරගෙන තිබුණා. ඔන්න මේ අවුරුද්දෙ කාංචනාට තම සැමියයි පුතයි, ජීවිතයට අලුතින් එකතුවෙන සොඳුරු බලාපොරොත්තුවයි එක්‌ක අවුරුදු සමරන්න භාග්‍ය උදාවෙනව.

නමුත් මේ වෙත්දි අවුරුදු තුනහමාරක්‌ වයසැති පුතු මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෙර පාසලකට රැගෙන යැම දින චර්යාව කර ගත් කාංචනාට අලුතින් පවුලට එකතුවෙන අමුත්තගෙ වැඩත් එක්‌ක රංගන කටයුතුවලට නම් වෙලාව හොයා ගන්න බොහොම අමාරු වෙන හැඩයි.

ධම්මිකා