Pages

දොළුකන්ද හාමුදුරුවන්ට වෙඩි වදී

තසාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළ පුලියන්කුලම ඓතිහාසික විළඳගොඩ ආරණ්‍ය සේනාසනාධිපති අනුරාධපුරයේ නන්දවිමල (‍දොළුකන්දේ හමුදුරුවෝ) (56) එම ආරණ්‍ය සේනාසනය පිහිටි තබ්බෝව රක්‍ෂිතයේදී ඊයේ (9දා) පෙරවරු 8.45ට පමණ වෙඩි වැදීමකින් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව සාලියවැව පොලිසිය කියයි.

නන්දවිමල හිමියන් සිවිල් ආරක්‍ෂක භටයකුද සමඟ ආරණ්‍ය සේනාසනය පිහිටි ස්ථානයේ සිට රක්‍ෂිතයේ ඇතුළට කිලෝමීටර් දෙකක පමණ දුරක් කිසියම් අවශ්‍යතාවක් සඳහා ගමන් කරමින් සිටියදී මේ වෙඩි වැදීම සිදුවී ඇත්තේ සතුන්ට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බවද නන්දවිල හිමියන්ගේ පාදයකට තුවාල සිදුවී ඇතැයිද පොලිසිය පවසයි.අනතුරට ලක්වූ නන්දවිමල හිමියන් රෝහල් ගතකොට ඇත්තේ සිවිල් ආරක්‍ෂක භටයන් විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.

සාලියවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.