යුද්ධයෙන් පසු ශ්රී ලංකාවේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇතැයි පකිස්ථානය පවසයි. මෙරටට පැමිණ සිටින පකිස්ථාන විදේශ ලේකම් ජිලාල් අබ්බාස් ජිලානි මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී පෙරවරුවේ පැවැත්විණ. එහිදී අදහස් දැක් වූ පකිස්ථාන විදේශ ලේකම්වරයා කියා සිටියේ, 2005 වසරේදී තමා මෙරටට පැමිණෙන විට පැවති තත්ත්වයට වඩා මුළුමනින්ම සංවර්ධනීය තත්ත්වයක් ශ්රී ලංකාව තුළ දැන් පවතින බවයි.
රටට පැමිණෙන ඕනෑම අයෙකුට සාමය සහ ශාන්ත භාවය පිළිබඳ හැඟීමක් ඇතිවන බව ද ඔහු කියා සිටී. එම වෙනසට යුද්ධය අවසන් වීම පමණක් නොව, සංවර්ධනයද හේතු වී ඇතැයි පකිස්ථාන විදේශ ලේකම්වරයා පෙන්වා දෙයි.
ලක් රජය ත්රස්තවාදය තුරන් කළ ආකාරය පිළිබඳ පකිස්ථානය අතිශයින් අගය කරන බවත්, ඊට ප්රසාදය පළ කරන බවත් විදේශ ලේකම්වරයා ජනාධිපතිතුමා හමු වී කියා සිටියේය. 2011 වසරේදී පකිස්ථානය මුහුණ දුන් ඩෙංගු උවදුර මර්දනයට ලැබුණ සහයෝගය සහ ශ්රී ලංකාව පකිස්ථානයට ලබා දී ඇති උදව් උපකාර පිළිබඳව ජිලානි මහතා රාජපක්ෂ මැතිතුමා වෙත ස්තුතිය පළ කර තිබේ.