ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහාය පළකරමින් දකුණු ඉන්දීය චිත්‍රපට නළුවන් ඇතුළු සිනමා කර්මාන්තයේ නියුතු ශිල්පීන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උපවාසය අද (2දා) චෙන්නායි හිදී පැවැත්වේ.
චෙන්නායිහි වල්ලුවර්තෝට්ටම් ත්යාගරායනගර් හි අබ්දුල්ලා මාවතේ පිහිටි දකුණු ඉන්දීය නළු නිළි සංගම් ශාලාවේදී පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන මෙම උපවාසයට දකුණු ඉන්දීය ප්‍රකට නළුවන් වන කමල් හසන්, විජේ, සරත්කුමාර් හා රජිනිකාන්ත් සමඟ චිත්‍රපට අධ්යක්ෂවරුන්, සිනමා තාක්ෂණ ශිල්පීන් හා සිනමා කර්මාන්තයේ සේවකයන්ද සහභාගි වීමට නියමිතය.මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර් හා මහලේකම් රාධා රවී යන දෙදෙනාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වේ.
දකුණු ඉන්දීය නළු නිළි සංගමය සහ දෙමළ කලා ලෝකය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහයෝගය දක්වමින් උපවාසයක් පවත්වයි. දකුණු ඉන්දීය නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් මහ ලේකම් රාධා රවි, භාණ්ඩාගාරික වාගෙයි චන්ද්‍රසේකරන් යන අය ඉදිරියේ මෙම උපවාසය පැවැත්වේ.
දකුණු ඉන්දීය නළු නිළි සංගමය සහ දෙමළ කලා ලෝකය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සහයෝගය දක්වමින් උපවාසයක් පවත්වයි. දකුණු ඉන්දීය නළු නිළි සංගමයේ සභාපති සරත් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් මහ ලේකම් රාධා රවි, භාණ්ඩාගාරික වාගෙයි චන්ද්‍රසේකරන් යන අය ඉදිරියේ මෙම උපවාසය පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේදී පීඩාවට පත් ඥාතීන් හට දෙමළ ජනතාවට ආරක්ෂාකාරී, නිදහස් ජීවිතයක් වෙනුවෙන් 2013.04.02 වැනි දින ත්යාගනගර් අබ්දුල්ලා මාවතේ, දකුණු ඉන්දීය නළු නිළි සංගම් ශාලාවේදී පෙරවරු 9 සිට ප.ව. 5 දක්වා උපවාසය පැවැත්වීමට නියමිතය.
මේ උපවාසය සඳහා ද.ඉන්දීය චිත්‍රපට බෙදාහැරීමේ සංගමය, දෙමළ චිත්‍රපට නිෂ්පාදක සංගමය, කිල්ඩු චිත්‍රපට අධ්යක්ෂ සංගමය, ද.ඉන්දීය සිනමා සේවක සංගමය හා අදාළ කම්කරු සංගමය, බෙදා හරින්නන්ගේ සංගමය, චිත්‍රපට හිමිකරුවන්ගේ සංගමය, රූපවාහිනී නිෂ්පාදන සංගමය හා රූපවාහිනී කලාකරුවන්ගේ සංගමය හා රූපවාහිනී අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, රූපවාහිනී නළු නිළි සංගමය, රූපවාහිනී ලේඛකයන්ගේ සංගමය හා මහජන සම්බන්ධීකරණ සංගම්වල සියලු දෙනා සහභාගි වේ.
මෙම උපවාසය හේතුවෙන් දකුණු ඉන්දියාව තුළ අද දිනයේ කිසිදු චිත්‍රපට රූගත කිරීමක් සිදුනොකරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.දකුණු ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුන් ද මෙම එක්දින උපවාසය සඳහා සහභාගී වීමට නියමිතය.