ප්‍රභාකරන්ගෙ රහස් බංකරයක් කිලිනොච්චියෙන් සොයා ගනී

මියගිය කොටි නායක ප්‍රභාකරන් විසින් ගුවන්යානා ප්‍රහාරක මිසයිල සගවාගෙන සිටි බවට සැකකරන ඔහුට අයත් අඩි 150 ක් දිගැති වංගු සහිත බංකරයක් රාජ්‍ය බුද්ධි අංශ ත්‍රස්ත විමර්ශන අංශය සහ යුද හමුදාව කිලිනොච්චිය උරුත්තපුරම් ප්‍රදේශයේ සොයාගෙන තිඛෙනවා. 

බුද්ධි අංශ සොයාගත් තොරතුරු අනුව මේ බංකරය මතුකරගෙන ඇත්තේ අඩි 10ක් පමණ කැණීම් සිදුකොට එතැනින් පසු මතුවන පඩිපෙළක් දිගේ පිවිසීමෙනි.පියගැට පෙළ අසල මතුවූ පළමුවැනි කුටියේ තිබී ගුවන්යානාවලට එල්ල කරන මිසයිල දමා තිබූ ලී පෙට්ටියක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිඛෙනවා.බුද්ධි අංශ තොරතුරු අනුව අඩි 150ක් දිගැති බංකරය සම්පූර්ණයෙන්ම පාදා ගැනීම සඳහා දැන් කැණීම් ආරම්භ කොට ඇති බවත් ඒවායේ ගුවන්යානා මිසයිල ගබඩාකර ඇති බවත් ආරක්ෂක හමුදා විශ්වාස කරනවා.
පසුගිය 2007 වසරේදී ප්‍රභාකරන්ගේ මේ බංකරයට ශ්‍රී ලංකා ගුවන්හමුදාව ප්‍රහාර එල්ලකිරීමත් සමග ප්‍රභාකරන් එය අතහැර දමා පලාගොස් තිබුණා. 2004 වසරේ මේ භූගත බංකරය සාදා ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි නිවෙසක පැති බිත්තියකට මායිම්ව මහජනයාටද නොපෙනෙන ආකාරයෙන් බව වාර්තා වනවා.

 මේ බංකරය තට්ටු දෙකකින් සමන්විත බවත් එයට වාහනයක් පවා ගතහැකි අයුරින් සකසා ඇති බවත් අනාවරණය වුණා.මේ බංකරය පාදා ගැනීම සඳහා ආරක්ෂක හමුදා බුද්ධි අංශ පසුගිය මාසයේ 22දා සිට කැණීම් ආරම්භ කර තිබූ අතර මේ දිනවල උතුරු ප්‍රදේශයට පවතින වර්ෂාපතනය මැද දුෂ්කරතා මධ්‍යයේ කැනීම් කටයුතු තවසත් සිදුකරගෙන යන බවද වාර්තා වුණා.
මේ බංකරය ප්‍රභාකරන් සකස් කළ අන්දම ගැනත් ප්‍රදේශවාසීන් තොරතුරු හෙළි කරමින් සිටින අතර ප්‍රභාකරන්ගේ දරුවන් කිලිනොච්චියේ පාසලකට යවා තිඛෙන්නේ මේ බංකරයේ සිට බවද තොරතුරු හෙළි වුණා.

Gossip Lanka Hot News Previous News Archive