Pages

රැජිනි කාන්ත්, කමල්හසන්, විජෙයි වැනි නළුවන්ගේ චිත‍්‍රපට ලංකාවේ තහනම් කරන්න

රැජිනි කාන්ත්, කමල්හසන්, විජෙයි වැනි දකුණු ඉන්දියාවේ සිනමා නළුවන් චරිත නිරූපණය කරන චිත‍්‍රපට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කළ යුතු බව ප‍්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. ශ‍්‍රී ලංගම ප‍්‍රධාන කාර්යාලයේ දී පැවැති රැුස්වීමක දී ඔහු මෙම අදහස් දක්වා සිටියේ ය.

මෙහි දී තම අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ලෝක සිතියමෙන් ශ‍්‍රී ලංකාව යන රට ඉවත් කරන්න තරම් දකුණු ඉන්දියාවේ පාංකඩ නළුවො වීරයෝ බවට පත්වෙලා. අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩක මුරලිදරන් ලෝකයට ම කියද්දි මෙරට දෙමළ මිනිස්සුන්ට ප‍්‍රශ්න නැහැ සියලූ දෙනා ම හොඳින් ජීවත් වෙනවා කියලා රැජිනිකාන්ත්, කමල්හසන්, විජෙයි, සරත් කුමාර්, අජිත් කුමාර් වැනි නළුවො එක් වෙලා උපවාස කළා. ඒ නිසා ම අදාළ නළුවො රඟපාන චිත‍්‍රපට ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කරන්න ඕන. එවැනි කාඞ්බෝඞ් වීරයෝ සුපිරි තරු ලෙස සැලකූ කාලය අප අවසන් කරන්න ඕන’ යනුවෙන් සඳහන් කළේ ය.