එම පාකිස්තාන ජාතිකයාගේ අතුරුදන්වීම පිළිබඳ රේගු කටුනායක ගුවන්තොටුපොළටද දැනුම් දී තිබේ.එම කන්ටේනරයේ අර්තාපල් ටොන් 66ක් ඇසිරූ ගෝනි 6,600ක් තිබූ බවද රේගුව පැවැසීය.අදාළ කන්ටේනර්වල බඩු නිදහස් කිරීම සඳහා යොදවා සිටි නියෝජිතයා රේගු භාරයට ගෙන තිබේ.ඒ පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු අද දිනට කල්තබා ඇත.
පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා තිබූ අර්තාපල් කන්ටේනරයක නීතිවිරෝධීව ගෙන්වා සඟවා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා ගබ්සා කිරීම සඳහා යොදාගන්නා 'ඩිප්රොවේරා' නමැති එන්නත් කුප්පි තිස්දහසක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.රේගු ආදායම් විශ්ලේෂණ අංශයේ රේගු අධ්යක්ෂ මාලි පියසේන මහතා සඳහන් කළේ නේවාසික වීසා ලබාගෙන මෙරට රැඳී සිටින පාකිස්තානු ජාතිකයකු විසින් අල කන්ටේනර් තුනක් මෙරටට ගෙන්වා ඇති අතර එම කන්ටේනර් තුන පරීක්ෂා කිරීමේදී තුන්වැනි කන්ටේනරයේ සඟවා තිබූ මේ ගබ්සා එන්නත් කුප්පි තොගය සොයාගත් බවයි.
රේගු ආදායම් විශ්ලේෂණ අංශයේ අධ්යක්ෂ මාලි පියසේන මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු ඩී.ඩී.එස්.ඊ. මයිකල්, සහකාර රේගු අධ්යක්ෂ උදේෂ් ජයවර්ධන, රේගු අධිකාරි මහේන්ද්‍ර අත්තනායක යන මහත්වරු ඇතුළු රේගු පරීක්ෂණ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.