බෝකුවක් තුළ සිටි දිනක් වයසැති බිලිඳියක් වටවල රෝහලට

දිනක්‌ වයසැති බිලිඳියක හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විද්‍යාලය අසල බෝක්‌කුවක්‌ යට දමා සිටියදී ඊයේ (01 වැනිදා) උදෑසන 7.40 ට පමණ වටවල පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන වටවල දිසා රෝහලට භාරදී ඇත.

මෙම බිලිඳිය සොයා ගන්නා අවස්‌ථාවේ දැඩි කුසගින්නේ පසුවී ඇති බව පවසන රෝහල් වෛද්‍යවරු රෝහලේ වෙනත් නේවාසික මවකගෙන් කිරි ලබාදීමට කටයුතු කළ බවත් ඉතා හොඳින් වැඩී ඇති බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් කියා සිටියි.වටවල සිංහල විද්‍යාලය අසල රාජකාරී කටයුතුවල නිරතව සිටි පොලිස්‌ නිලධාරිවරයාට ඊයේ උදෑසන බිලිඳියකගේ හැඬුම් ශබ්දයක්‌ ඇසී අසල පිහිටි බෝක්‌කුවක්‌ යට පරීක්‍ෂා කිරීමේදී රෙදි කඩකින් ඔතා දමා සිටි මෙම බිලිඳිය සොයාගත් බව වටවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආනන්දසිරි මහතා පවසයි.
බිලිඳා වටවල දිසා රෝහලට ඇතුළු කිරීමෙන් පසු පැය ගණනාවක් මව්කිරි නොමැතිව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවාට රෝහලේ නේවාසිකව සිටින මවකගේ කිරි ලබාදීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

මේ දරුවා කවුරුන් විසින් අදාළ ස්ථානයට ගෙනවිත් දැමුවේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.


Gossip Lanka Hot News Previous News Archive