Pages

දියණියට හදි කළ මහරගම නාගරික මන්ත්‍රී සමන් සේනාධීර පොලිසියට භාරවෙලා

" වැස්ස වෙලාවෙ අම්ම නැති නිසා දුවට ළං වුණාලූ "
මහරගම නගර සභාවේ එජනිස මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර ඇසුරු කරමින් සිටි බව කියන අනියම් බිරිඳකගේ දොළොස් හැවිරිදි දැරිය අයුතු ලෙස ස්පර්ශ කරමින් ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව පොලිස් පැමිණිල්ලක් කිරීමෙන් පසු සැගවී සිටි අතර ඊයේ පොලිසියට පැමිණ භාරවී අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

මන්ත්‍රීවරයා අනියම් සබඳතාව පවත්වා යමින් සිට ඇත්තේ අතුරුගිරියේ නිවසකවාසය කරන කාන්තාවක සමගය. ඇගේ සැමියා වසර තුනකට පමණ ඉහත දී ඇය දරුවා සමග තනිකර ගොස් වෙනම පදිංචිව සිටින අතර මෙම නගර සභා මන්ත්‍රීවරයා එම කාන්තාව වරින්වර හමුවන්නට පැමිණ ඇගේ කාමරයේ නතරවී රැෙඳමින් ඇය සමග අනියම් ඇසුරක් පවත්වමින් සිට තිඛෙනවා.අතවර සිද්ධිය සිදුවී ඇති පසුගිය 25 වනදා මන්ත්‍රීවරයා එම නිවසට පැමිණෙන අවස්ථාවේ කාන්තාව නිවසේ සිට නැත. ඇය ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටතට ගොස් ඇති අතර දැඩි වර්ෂාවක් හටගත් එදින ඇය වර්ෂාව නිමවනතුරු ප්‍රමාදවී ඇත.
කාන්තාව නැති අවස්ථාවේ නිවසට ගිය මන්ත්‍රීවරයාට දැකගන්නට ලැබී ඇත්තේ 12 හැවිරිදි දියණිය පමණක් නිවසේ සිටින ආකාරයයි. වෙනදාටත් නිවසට පැමිණ පුරුදු කෙනෙකු නිසා දියණිය මන්ත්‍රී අංකල්ට නිවසේ දොර විවර කර තිබුණත් අංකල්ගේ ඇස් වල තිබුණ අමුතු බැල්මට ඇය තැති ගත්තා.

මන්ත්‍රීවරයා දැරිය අසලට ගොස් ස්පර්ශ කරන්නට පටන් ගෙන ඇති අවස්ථාවේ ඇය එපා එපා යයි කීවත් වර්ෂාවේ සද්දය නිසා කිසිවෙකුට එය ඇසී නැත. දැරිය මොහුගෙන් ගැලවීමට උත්සාහ කළත් පලක්වී නැති අතර ඔහු කාන්තාව නැති අතරේ පැමිණි කාර්යය දියනියගෙන් ඉටු කරගෙන පළා ගියා. උඹ මේ ගැන අම්මට කිව්වොත් බලාගෙනයි යනුවෙන් දියණියව බියකර දුරකථන රැහැන්ද ගලවා දමා මන්ත්‍රීවරයා පැනගොස් තිබුණා. සිද්ධියෙන් සීරුම් තුවාල සහිතව අසාධ්‍යව අසල නිවසකට දිවගිය දියණිය මවට දුරකතනයෙන් සිද්ධිය පැවසුවා.

වහාම නිවසට ආ මව දියණිය හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අතුරුගිරිය පොලිසියට ගොස් මන්ත්‍රීවරයාගේ පහත් ක්‍රියාව ගැන පැමිණිල්ලක් කරා.මහරගම නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර අතවරය සිදු කළ තැනැත්තා ලෙස පොලිස් පොතේ ලියැවෙද්දී ඔහු සිටිනවා යයි කියන සියලූම ස්ථාන වලින් අතුරුදන්වී තිබුණා. ඔහු සොයා විශේෂ පොලිස් විමර්ශන ඇරඹුනේ එයින් පසුවයි.

මන්ත්‍රීවරයා ගැන ජනපතිවරයාටද පසුදා සැලවූ බවත් ඔහුට නිසි ද~ුවම් දියයුතු බවට හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලෙස ජනාධිපතිවරයා ශ්‍රීලනිප මහ ලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතාට නියෝග කර තිබුණ බවත් පසුව සැලවුණා.පසුගිය 25 වැනිදා සිට සොයමින් සිටි මන්ත්‍රී සමන් පද්මසිරි සේනාධීර නීතිඥයකු මාර්ගයෙන් දින 6 කට පසු ඊයේ (31) රාත්‍රියේ අතුරුගිරිය පොලිසියට බාරවූයේ ඉන් අනතුරුවයි.
නාගරික මන්ත්‍රීවරයා ඇඹුල්දෙණියේ පදිංචි විවාහකයෙකි. ඔහු අතුරුගිරිය, වල්ගම පදිංචි කාන්තාව සමග අනියම් සම්බන්ධකමක් පවත්වා ගෙන ගොස් සිටි බව පිළිගත් අතර එදින වැස්ස වෙලාව නිසා අම්මා නැති බැවින් දුවට ළංවී ඇයට අතවරය සිදු කළ බවත් පොලිසියට ප්‍රකාශ කර ඇත.සැකකාර මන්ත්‍රීවරයා අද උසාවියට ඉදිරිපත් කෙරුණා.

 -සබැදි පුවත්-