උතුරු කොරියාව යළිත් යුද අභ්‍යාසයක් අරඹයි

උතුරු කොරියානු නායක කිම් ජොං උන් යුද පුහුණුවට එක්වී...
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරන උතුරු කොරියාව ඊයේ (8) යළිත් වරක් යුද අභයාසයක් පැවැත් වීය.උතුරු කොරියාව පවසා ඇත්තේ තම අසල් වැසි දකුණු කොරියාවත් ඇමෙරිකාවත් සමඟ ඕනෑම මොහොතක යුද්ධයකට පැටැළීමට තමා සූදානම් බවත් යුද්ධයක් ඇති වීම වැළැක්විය නොහැකි බවත්ය.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් යුද පුහුණුවට එක්වී...උතුරු කොරියාව දකුණු කොරියාවට ප‍්‍රහාරයක් එල්ල කළහොත් එය ‘උඩ බලා කෙළ ගසා ගැනීමක්’ යැයි ජගත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.එසේ ප‍්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට ඇමෙරිකාවේ මිතුරු රටවල් රැුසක් සූදානමින් සිටී.ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම මිසයිලයකට උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට තම මිසයිල පද්ධතියට හැකි බවය.උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප‍්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බවත් ඇමෙරිකාවේ සහාය හිමි වන බව දකුණු කොරියාව පවසා ඇත.

උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කරයි.
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර මීට පෙර යුද්ධයක් පැවැතියේ 1950 වසරේ සිට 1953 තෙක් කාලයේදී දෙවැනි ලෝක යුද්ධයේ අවසන් අදියරේදීය.
එහිදී දකුණු කොරියාවට එක්සත් ජාතීන්ගෙන් සහාය හිමිවිය. උතුරු කොරියාවට චීනයේත් සෝවියට් සමූහාණ්ඩුවේත් සහාය හිමිවිය. එම යුද්ධයේ අවසන් ප‍්‍රතිඵලය වූයේ උතුරු සහ දකුණු වශයෙන් කොරියානුවන් බෙදී වෙන් වී විරසක වීමය.

Gossip Lanka Hot News Previous News Archive