මේ දිනවල සිනමාපටයේ මාධ්‍ය ප්‍රදර්ශන කටයුතුවලට සූදානම් වෙනවා. මං පහුගිය කාලේ අධ්‍යාපන කටයුතු අතපසු වීම නිසා නැවත ජුලි මාසයේ පටන් ඒ සඳහා මුල් තැන දෙනවා.
ව්‍යාපාරිකයෙක් වෙන හීනය අතහැරලද ඔබ කලාවට සම්බන්ධ වුණේ?
මගේ පුංචිම කාලේ ඉඳලම හීනය වුණේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට යොමුවීමටයි. හොඳ දැවැන්ත සිනමා නිර්මාණයකට දායක වුණා බැහැ කියන්න බැරිකමට. ‘දිගු දෑස දුටුවාම’ මියුසික් වීඩියෝ එක මාගේ පළමුවැනි නිර්මාණ දායකත්වය. පවන්ගේ චරිතයෙන් රසිකයන් මාව දැන හඳුන ගත්තා. නැතිනම් මාව කවුරුවත් දන්නෑ ජැක්සන් ඇන්තනීගේ පුතෙක් කියලා.
‘සිරි පැරකුම්’ සිනමා පටයෙදි ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?
ඇත්තටම දැවැන්ත සිනමාපට අධ්‍යක්ෂවරයකුගේ යටතේ හොඳ නිර්මාණයකට දායක වීමට ලැබීම සතුටක්. මොකද මගේ මල්ලි ‘සූරිය අරණ’ සිනමා පටයේ ටිකිරාගේ චරිතයට පණ පොවමින් දායක වූ හොඳ නිර්මාණයක්. ඒ වගේම ‘සිරි පැරකුම්’ සිනමා පටයේ පරාක්‍රමබාහු චරිතයට පණ පොවමින් මා සිනමා ක්‍ෂේත්‍රයට පිවිසුණා. ඒ වගේම මෙතෙක් සෝමරත්න මාමාගේ නිර්මාණවල හිටියේ ළමා නළු නිළියන්. ඔහුගේ සිනමාපටයක මුල්ම තරුණයා වීමේ භාග්‍යය හිමි වීම මට සතුටක්. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ වැඩ කරන්න ලැබීම සතුටක්.
මේ සිනමා නිර්මාණයේදී පරාක්‍රමබාහුගේ චරිතය ඔබට අභියෝගයක් වුණාද?
ඇත්තටම මට පරාක්‍රමබාහුගේ චරිතය අභියෝගයක්. ඒ වගේම මට හැකි අයුරින් චරිතයට සාධාරණයක් ඉටු කළ බව දැනෙනවා. මොකද මට අත්දැකීම් තියෙන්නේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය සම්බන්ධ කටයුතු නිසා.
කලාවට සම්බන්ධ පවුලක වැඩුණු ඔබ කලාවට එක්වෙන්න ප්‍රමාද වුණේ ඇයි?
මොකද මගේ පවුලේ හැමෝම කලාවට සම්බන්ධ නිසා මම හිතුවා බිස්නස් පැත්තට යොමු වෙන්න. මම ඉස්කෝලේ යන කාලේ පටන් පොඩි පොඩි බිස්නස් කළා. චිත්‍රපට නිෂ්පාදන පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. නිෂ්පාදන පැත්තට යොමුවෙලා අප්පච්චි අධ්‍යක්ෂණයට සම්බන්ධ කරගෙන පවුලේ අයත් සම්බන්ධ කරගෙන චිත්‍රපටයක් කිරීමේ අදහසක් තියෙනවා.
සිරි පැරකුම් සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්න ඔබට වරම් ලැබුණෙ කොහොමද?
සෝමරත්න මාමායි, රේණුකා නැන්දයි මාව කලින් දැකලා තිබුණා. මගේ පෙනුම අප්පච්චිගේ පෙනුමට සමාන නිසා, සෝමෙ මාමා අප්පච්චි එක්ක කතා බහ කරලා අහල තිබෙනවා මා ගැන. ඉන්පසු අප්පච්චි මාත් එක්ක කතා කරලා ‘සිරි පැරකුම්’ සිනමා පටයට සම්බන්ධ වුණා.
සිරි පැරකුම් සිනමාපටය දෙස ආපසු හැරී බලද්දී උපරිම හැකියාව ඉදිරිපත් කරන්න ලැබුණු බව ඔබට විශ්වාසද?
මගේ වැරැදි අඩුපාඩු ඇති. චිත්‍රපටයක් කියන්නේ මොකක්ද කැමරාව ඉදිරිපිට කොහොමද රඟපාන්නේ කොයි විදියටද කියලා මං කලින් දැනගෙන හිටියා. රංගනය පිළිබඳ මා තනියම අධ්‍යයනය කළා. ඒක අප්පච්චිගේ ආභාසයෙන් ලැබුණු දෙයක් කියා මම හිතනවා.
‘සිරි පැරකුම්’ සිනමා පටයෙන් පසු ඔබගේ ඉදිරි පියවර කුමක්ද?
අනිවාර්යයෙන්ම නිර්මාණවලට දායක වෙනවා. දැනට මට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. අප්පච්චි එක්ක කතාබහ කරලා ඉදිරියට හොඳ නිර්මාණවලට එකතු වෙනවා.
මට ගැළපෙන හොඳ නිර්මාණ පිටපතක් ලැබුණොත් දායක වෙනවා. ඒත් මෙගාවලට මම කැමැති නෑ. මොකද නිතර දෙවේලෙ දකින්න මම කැමැති නෑ. කොටස් 30ක - 40ක නිර්මාණයක් නම් මම ආසාවෙන් භාර ගන්නවා.
මේ චරිතය රඟපෑමෙන් පසු ඔබට මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ඒ හැමෝගෙන්ම ලොකු ආශීර්වාදයක් සමඟ සහායක් ලැබීම මට සතුටක්.
ප්‍රවීණ රංගන ශිල්පියකුගේ පුතෙක් වුණු ඔබට ක්‍ෂේත්‍රයේ අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙන්න ඇති නේද?
මම නිතර ගැවැසෙන්නේ කලාකරුවන් සමඟ. අපෙ පවුලේ අයත් එක් වී නිර්මාණ කටයුතු ගැන තමා නිතර කතා වෙන්නේ.
මේ තරම් කෙටි කලක් තුළ දුරගමනක් යෑමට ඔබට අත්වැලක් වූ අය පිළිබඳ මතක් කළොත්.
wide angle නිෂ්පාදන ආයතනයේ ප්‍රසංග, තුසිත අයියාටත්, රොමේෂ් සුගතපාල අයියලාටත් ඒ වගේම සෝමරත්න මාමාත්, රේණුකා නැන්දාත්, සිරි පැරකුම් සිනමා පටයේ සියලුම ශිල්පීන්ටත් විශේෂයෙන් ස්තුතිය පුද කරනවා. ඒ වාගේම මට ඉස්සෙල්ලාම සාකච්ඡාවක් ලබාදුන් ‘මව්බිම’ ටත් ස්තූතියි.
වසන්ත කුමාර විතානගේ
මව්බිම පුවත්පත ඇසුරිනි