ඉතිහාසයේ වේගවත්ම ශතකය ක්‍රිස් ග්‍රේල් ගෙන් - Chris Gayle hits fastest century in cricket history

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය අද (23) වාර්තා කළේය.

ඒ, පූනේ වෝරියර්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර් හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී අද දිනයේ පැවැත්වූ තරගයේදීය. පන්දු 30කින් වාර්තා කළ ගේල් ගේ ශතකයට හයේ පහර 11ක් හා හතරේ පහර 8ක් අන්තර්ගත විය.මීට කලින් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කර තිබුනේ යුසුෆ් පතාන් ය.මෙම ඉනිමේදී රෝයල් චැලෙන්ජර්ස් පිළ වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් පුනේ වොරියර්ස් පිළට එරෙහිව ලකුණු 175 ක් වාර්තා කළ අතර ඔහු ලකුණු 150 වාර්තා කළේ පන්දු 53 කිනි. ඒ වන විට 6 පහර 16 ක් හා 4 පහර 11 ක් ඔහු ලබා තිබුණා.තරගය අවසන් වනවිට පන්දු 66 කට ලකුණු 175 නොදැවී ඔහු ලබා ගත් අතර සම්පූර්ණ ඉනිමට හයේ පහර 17 ක්ද 4 පහර 13 ක්ද ඇතුළත් වුණා.

ක්‍රිස් ගේල්ගේ විශිෂ්ට ඉනිමේ වීඩියෝවක් පහතින්








Gayle blitz powered Bangalore to a T20 record 263 for five. The previous highest total by a team in this form of the game was 260 bySri Lanka.
10 fastest centuries in Twenty cricket 
PlayersBallsTeam
C Gayle30RCB
A Symonds34Kent
van der Westhuizen35Namibia
YK Pathan37Rajasthan Royals
SB Styris37Sussex
Ahmed Shehzad40Barisal Burners
LL Bosman41Eagles
H Davids41Cape Cobras
BF Smith42Worcestershire
AC Gilchrist42Deccan Chargers

Gossip Lanka Hot News Previous News Archive