මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී රිකී පොන්ටින්ගේ මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කරමින් සිය පළමු ජයග්‍රහණය භුක්ති විදීමට මහේල ජයවර්ධනගේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඊයේ (21 සමත් විය.
මහේලගේ ඩෙයාර් ඩෙවිල්ස් පිල මීට පෙර තරග 6ක් පිට පිට පරාජයට පත් විය.පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20දී කඩුලූ 04ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේය.දිල්ලි ක්‍රීඩකයන් සිය ඉනිමේ ඉනිමේ 17 වන පන්දු වාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී එම ලකුණු ප්‍රමාණය පසුකර යාමට සමත් විය.මහේල ජයවර්ධන ලකුණු 59ක් ලබාගත් අතර විරේන්ද්‍ර ශෙවාග් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තේය.මේ අතර ඊයේ පැවති තවත් තරගයකින් කඩුලූ 07ක ජයක් ලැබීමට බොලිවුඞ් නිළි ප්රිති සින්ටාගේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.
ඔවුන් හමුවේ පරාජය වූයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ පූනේ වොරියර්ස් කණ්ඩායමයි.මැතිව්ස් එම තරගයට සහභාගී නොවූ අතර ඒ වෙනුවට පූනේ ක්‍රීඩකයන්ට නායකත්වය ලබා දුන්නේ ඇරොන් ෆින්ච් විසිනි.පළමුවෙන් පන්දුවට පහරදුන් පූනේ ක්‍රීඩකයන් ලකුණු 185ක් ලබා ගත්තේය.
පන්ජාබ් ක්‍රීඩකයන් එම ලකුණු සංඛ්‍යාව පසුකර ගියේ අවසන් පන්දුවාරයේ 05 වැනි පන්දුවේදීය.